When you install WPML and add languages, you will find the flags here to change site language.

ඔබේ ශරීරය සෞඛ්‍යය සම්පන්න නොවන බව කියවෙන සලකුණු 10 ක් අනිවාර්යෙන් ඔබ මෙම කරුණු 10 දැන ගන්න ඕනේ.

මිනිස් ශරීරය කියන්නේ විශ්මිත යන්ත්‍රයක්. මිනිස් ශරීරයට පුළුවන් කම තිබෙනවා යම් කිසි ආසාදනයක් ඇති වෙලා ශරීරය අඩපණ වූ විට ස්වයංව නැවත සකස් කරගන්නට. මේ කොහොම වුනත්, ශරීරයේ විවිධ සිදුවීම් සිදුවන අවස්ථාවල ඒ බව අපව ශරීරය විසින්ම දැනුවත් කරනවා.

අද මේ ලිපිය මගින් ඔබව දැනුවත් කරන්නට සුදානම් වන්නේ ශරීරය විසින් දෙනු ලබන ඉඟි දහයක් පිළිබඳවයි. ශරීරයේ සිදුවන මේ සිදුවීම් ඔබත් අත්විදිනවානම් මේ දේවල් කිසිවිටකත් නොසලකා හරින්න එපා.

ඇස් සුදු පැහැ වීම

ඔබේ ඇසේ සුදු ඉඟිරියව සෑම අවස්ථාවකම සුදු පැහැ වී ඇත්නම් මෙයින් කියවෙන්නේ ඔබ ලබාගන්න නින්ද ප්‍රමාණවත් නොවීම සහ සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණයි. සුදු ඉඟිරියව කහ පැහැවී ඇත්නම් සෙංගමාලය, අක්මාවේ සහ පිත්තාශයේ ගැටළු නිරූපණය වනවා. ඒ වගේම, සුදු ඉඟිරියව රතු පැහැවී ඇත්නම් එමගින් කියවෙන්නේ මුහුණේ සිදුවන රුධිර පීඩනය වෙනස් වීමය.

ඉරිතැළුණු දෙතොල්

සුළඟ නිසා සහ උෂ්ණත්වයේ සිදුවන විවිධ වෙනස්කම් නිසා දෙතොල් ඉරිතැලීම ඇති වනවා. නමුත්, ඔබේ දෙතොල් නිතරම වාගේ ඉරිතැලී වනවුණු ස්වරූපයක් ගෙන ඇත්නම් එයින් කියවෙන්නේ විටමින් B සහ සින්ක් ඌනතාවයයි. මෙය දිලීර ආසාදනය වීමේ දී ඇතිවන රෝගලක්ෂණක් වෙන්නටත් පුළුවන්.

අවුරුදු 40 ට පෙර හිසකෙස් පැහීම

හිසකෙස් සුදු පැහැ වීම ස්වභාවික ක්‍රියාවලියක්. ඒ වගේම, ජානමය හේතු නිසාත් හිසකෙස් අකලට පැහෙන්න පුළුවන්. නමුත්, ඔබ වයස අවුරුදු තිහේ පමණ පසුවන පුද්ගලයෙක් නම්, ඔබේ හිසකෙස් දැනටමත් 50% පමණ පැසී අවසන්නම් ඔබ දියවැඩියා රෝගයට ගොදුරුවී තිබෙන්නට පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයන්ටත් මින් පෙර මෙවන් දෑ සිදුවී ඇත්දැයි විපරම් කර බලන්න.

ලප ඇති වීම

සමෙ හි ඇතිවන ලප මගින් ශරීරයට පීඩාවක් නොවුනත් අධිකව හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවන ලප භයානක තත්වයන් උදාකරන්නට පුළුවන්. උදාහරණයක් ලෙස හිරු කිරණ නිසා සහ UV කිරණ නිසා ඇතිවන “Senile” සහ “actinic keratoses” වැනි ලප පිළිකාව ඇතිවීමේ සලකුණක් ලෙස සලකනවා.

නියපොතු වල සිදුවන වෙනස්කම්

නියපොතු මගින් ශරීරයේ සිදුවන බොහෝ දෑ පිළිබඳව අනාවරණය වන්නට පුළුවන්. නියපොතු වඩාත් සුදු පැහැ වනවානම් එය “hepatitis” වැනි අක්මාවේ ඇති වන රෝගී තත්වයක සලකුණක් වනවා. රතු පැහැ වූ නියකින් අර්ථවත් වන්නේ හදවත් රෝග පිළිබඳවයි.

බෙල්ල ඉදිමීම

ඔබේ බෙල්ලත් ඉදිමී ඇත්නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න. ඔබේ බෙල්ලේ ඉදිරිපස පෙදෙස ඉදිමී ඇත්නම් එයින් කියවෙන්නේ තයිරෝඩි ග්‍රන්ථි වල ආසාදනයි. මේ තත්වය වයස අවුරුදු 20 – 50 අතර කාන්තාවන්ට සිදුවන්නට පුළුවන්.

අල්ල රතු පැහැ වීම

අල්ල රතු පැහැ වීම විවිධ චර්ම රෝග නිසා, දද ඇතිවීම නිසා සහ ලෝහ, ඖෂධ සහ ආහාර සහ පාන වලින් විවිධ ආසාත්මිකතා ඇතිවීම නිසාත් ඇතිවන්නට පුළුවන්. මේ තත්වය අධික ලෙස වැඩ කිරීම නිසාත් අක්මාවේ ඇතිවන රෝගී තත්වයන් නිසාත් සිදුවන්නට පුළුවන්.

මුහුණ රතු පැහැ වීම

මුහුණේ ක්‍ෂණික වෙනස් වීම වයස අවුරුදු 30 – 50 අතර කාන්තාවන්ට ඇතිවනවා. මේ තත්වය සිදුවන්නේ හෝමෝන වල සිදුවන අසමතුලිත තාවයන්, උෂ්ණත්වයේ සිදුවන වෙනස්කම් සහ උණුසුම් ආහාර ලබාගැනීම වැනි හේතු නිසයි. සුදු පැහැ කම්මුල් ඇති කාන්තාවන් හට නිතරම වාගේ “rosacea” ලෙස හදුන්වන තත්වය ඇතිවනවා. මෙය මෙවන් කාන්තාවන්ට ඇතිවන දිගුකල් පවතින චර්ම රෝගී තත්වයක්. මේ රෝගී තත්වය ඇතිවන්නට බලපාන හේතුව තවමත් සොයාගෙන නෑ.

ඇහි බැම වර්ධනය නොවීම

වයස් ගත වීමේ දී ඇහි බැමේ වර්ධනයත් ක්‍රමයෙන් අඩුවී යනවා. නමුත්, ඇහිබැම ක්‍ෂණයකින් වැටී යනවානම් එය සිදුවන්නේ තයිරෝඩි ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා නැත්නම් තයිරෝඩි ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම වැනි විවිධාකාරයෙන් තයිරෝඩි ග්‍රන්ථියේ ඇතිවන ගැටළු නිසයි.

දෙපා සීතල වීම

පාද කියන්නේ හදවතට ඈතින්ම පිහිටි අවයවයයි ඕනෑම හදවත් රෝගයක් ප්‍රථමයෙන්ම නිරූපනය වන්නේ පාද හරහායි. “Raynaud’s” රෝගය නිසා පාද සිසිල් වීමත් සුදුමැළිවී මලානික ස්වරූපයකුත් ගනු ලබනවා. මේ රෝගී තත්වය ඇතිවන්නේ පාද වල රුධිර නාල තරමක් ඝන වීම නිසයි.

මේ ලිපියේ සඳහන් කරුණු පිළිබඳව නිසි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ඔබේ ශරීරයේත් මෙවන් දෑ ඔබට දැකගන්නට ලැබේ නම් වෛද්‍යවරයෙකු මුණගැසී ඉදිරි ප්‍රතිකාර කටයුතු වලට යොමු වෙන්නේ.

පරිවර්තනය| සසිඳු චතුරංග
source| naturalremediesdaily.com

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*