Gossip Lanka News | ඉරාජ් ගේ වීඩියෝ එක නිසා විල්සන් කරූ දැන් කියන සංවේදී කතාව

When you install WPML and add languages, you will find the flags here to change site language.

ඉරාජ් ගේ වීඩියෝ එක නිසා විල්සන් කරූ දැන් කියන සංවේදී කතාව

සිංහල සිනමාවේ දුෂ්ටයා විදිහට කාලයක්ම ජනප්‍රිය වෙලා හිටියේ විල්සන් කරූ මහත්මයා යි.හැබැයි එතුමා මේ දිනවල ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්නේ ඉරාජ් ගෙ අලුත්ම මියිසික් වීඩියෝවේ රඟපාපු හින්දයි.ඒත් ඒක ජනප්‍රියත්වයක්ද ජන අපරියත්වයක්ද කියලා සැකයක් තියෙනවා.කොහොම වුනත් විල්සන් කරූ මහත්මයා තමන්ගේ මුල්ම මියුසික් වීඩියෝව වෙච්ච ඉරාජ්ගේ වීඩියෝව ගැන මේ ඉරිදා සදැල්ල පත්තරේට ඉන්ටර්විවු එකක් දීලා තිබුනා.

ඔහුනම් කියන්නේ වීඩියෝ එක කරන තැනට යනකල්ම මේ වීඩියෝව නිෂ්පාදනය කරන්නේ ඉරාජ් කියලා තමන් දැනගෙන හිටියේ නෑ කියලයි.ඒ වගේම වීඩියෝව කරන අතරතුර “මේ වික්ටර් රත්නායකගේ කතාව නේද”කියලා තමන් ඔහුගෙන් ඇහුවා කියලත් විල්සන් කරූ මහත්තයා කියනවා.එතකොට ඉරාජ් කියලා තියෙන්නේ “නෑ..මේක එහෙම දෙයක් නෙවෙයි”කියලලු.ඒ නිසාම තමන් මේ වැඩේට සමබන්ධ වුනා කියලත් එතුමා කියනවා.

මේ වීඩියෝවෙන් පස්සෙ තාමත් විකටර් හෝ ඉරාජ් තමන්ට කතා කරේ නැහැ කියලයි විල්සන් කරූ මහත්තයා කියන්නේ.ඒත් එතුමා එක තැනකදී කියනවා මේ වැඩේට සමබන්ධ වුනේ ඉරාජ්ගේ තාත්තා එක්ක තියෙන හිතවත්කම නිසා කියලා.

කොහොමහරි විල්සන් කරූ මහත්මයා ජීවිතය ගෙවන්නෙ තනිකඩව.ඉතින් ඒ වගේ අපේ රටේ ඉන්න වටිනා කියන කලාකරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජයෙන් වැඩපිලිවෙලක් නෑ කියලා අපි දන්නවා .උපරිම වුනොත් අවමඟුලට මල් කලඹක “ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය “විසින් ලබා දෙයි.

ඒ දේ එහෙමවුනත් මේ වැඩෙන් චිත්‍රපටි 300කට අධික ප්‍රමාණයක රඟපාලා විල්සන් කරූ මහත්මයා හදාගත්ත ප්‍රතිරූපයට යම් ප්‍රමාණයකට හෝ හානි වුනා කියලයි අපි කියන්නේ.ඒකත් හරියට උදේ ඉඳලා වතුර ඇදපු කලේ හවස් වෙද්දි බිඳ ගත්තා වගේ වැඩක්.

2
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*