When you install WPML and add languages, you will find the flags here to change site language.

“ව්‍යාග්‍රා”, නිවැරදිව පානය කරන්නේ කෙසේද?

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වූ ඖෂධයක් බවට පත්ව තිබෙන ‘ව්‍යාඝ්‍රා‘ උත්තේජන ඖෂධ වර්ගය ගැන තිබෙන ප්‍රසිද්ධියේ තරමට ඒ ගැන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් විරලය. වැඩිහිටියන්ට නිර්දේශ කරන ඖෂධයක් වන බැවින්ද තොරතුරු දැනගැනීමට තිබෙන ලජ්ජාව නිසාද ඒ ගැන වැඩි දෙනෙකු නොදන්නා අතරම නොදැන අත්හදාබලන්නට යාමෙන් සිදුවන අන්තරායට විකල්පයක්ද නැත.
පහත පළවන්නේ ව්‍යාඝ්‍රා ඖෂධය සම්බන්ධයෙන් වෛද්‍ය ජී.ජී. චමල් සංජීව ජාතික පුවත්පතකට සැපයූ පැහැදිලි කිරීමකි.
‘අපේ රටේ පාර්ලිමේන්තුව තුළද, අන්තර්ජාලයේද, මාධ්‍යයන්හිද ජනප්‍රියම මාතෘකාව බවට පත්ව ඇත්තේ ව්‍යාඝ්‍ර නමින් හඳුන්වන ලිංගික උත්තේජනයට භාවිත වන ඖෂධයයි.සීමාව ඉක්මවා ප්‍රසිද්ධිය නිසා මෙය”අසහ්‍ය ඖෂධයක්‘
ලෙසත් මවා පෙන්වන බව පෙනෙයි.
ව්‍යාඝ්‍රා මගින් එහි සැබෑ රසායන ක්‍රියාකරිත්වය ඉක්මවා ලිංගික කාර්යයන් වඩා සතුටුදායක ලෙස සිදුකරන බවට ජාත්‍යන්තර විශේෂඥයින් පෙන්වා දෙයි. පසුගිය දශක කිහිපය පුරා තරුණ කොටස් අතර වඩාත් ප්‍රචලිත වූ ඖෂධය ලෙස ව්‍යාඝ්‍ර හඳුන්වා දිය හැකිය.
අද වන විට ව්‍යාඝ්‍ර වටා වෙනම සංස්කෘතියක්ද බිහිව ඇත.
ලිංගික ආශාව වැඩිවන බව, දිගු කලක් ලිංගික ක්‍රියාවල යෙදීමට හැකියාව ලැබීම, ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය විශාල වීම මෙම ඖෂධය හරහා සිදුවන බව ප්‍රචලිත වීම මෙයට හේතුවක් වෙයි. එහෙත් ඒ සියල්ල ඒ අන්දමට සිදු නොවෙන අතර, ඒ සියල්ල විද්‍යාත්මක සත්‍ය නොවෙන ඔව පර්යේෂකයෝ පෙන්වා දෙති.
එසේම ලිංගික බෙලහීනතාවයෙන් නොපෙළෙන පුද්ගලයන් මෙම ඖෂධය ලබාගැනීමෙන් ප්‍රයෝජනයක් නැති බවද සඳහන්ය. සිල්ඩෙනෆිල් යන රසායන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ව්‍යාඝ්‍ර ඖෂධය පළමුවැනිවරට නිෂ්පාදනය කරනු ලැබුවේ එංගලන්තයේ කොනේට් ප්‍රාන්තයේය.
ආරමිභයේදී එය අධි රුධිර පීඩනය හaදායාබාධ යන රෝගවලට ප්‍රතිකර්මයක් ලෙස නිපදවනු ලැබූවකි. මෙම ඖෂධය භාවිතා කරන විට පිරිමින්ගේ ලිංගික උත්තේජනය සිදුවන බව සොයා ගනු ලැබූ අතර, එහි ඵලදායිතාව හෘද රෝගීන් කෙරෙහි අඩු බවද අනාවරණය විය. ඉන් අනතුරුව මෙම සිල්ඩෙනෆිල් 1998 වසරේ සිට ලිංගික අප්‍රාණිකත්වයට ඖෂධයක් ලෙස යොදා ගැනීම ඇරඹුණි. ඩොලර් බිලියන 2,000කට අධික ආදායමක් දැනට එම සමාගම වාර්ෂිකව උපයයි.
සිල්ඩෙනෆිල් ඖෂධය මගින් CGMP ශරීරය තුළදී බිඳවැටීම නතර කරන අතර, මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිනිඳු පේශී විස්ථාරණයට ඉඩ සලසයි. මේ නිසා මෙම රුධිර නාලවලට රුධිරය ගලා ඒම වේගවත් වෙයි. ශිෂ්ණයේ රුධිර ප්‍රවාහයේ වේගවත් වීම ශිෂ්ණය ප්‍රාණවත් කරයි.
මෙම ඖෂධය හඳුන්වා දුන් අයට 1998 වසරේදී නොබෙල් ත්‍යාගය හිමිවූයේ මෙම සිනිඳු පේශිවල ක්‍රියාකාරීත්වය කෙරෙහි නයිට්‍රජන් ඔක්සයිඩ්වල බලපෑම නිසයි. සිල්ඩෙනෆිල් ක්‍රියාකාරීත්වය කෙරෙහි නයිට්‍රජන් ඔක්සයිඩ් වැදගත් වෙයි. සිල්ඩෙනෆිල් අක්මාවේදී පරිවෘත්තියට ලක්වෙයි.
සිල්ඩෙනෆිල් ඖෂධය සාමාන්‍යයෙන් මුඛය හරහා ලබාදෙන නමුත් සමහර අවස්ථාවලදී ශිරාවලට ඇතුළත් කරයි. සිල්ඩෙනෆිල් ඖෂධය කුඩා දරුවන්ගේ පෙණහලුවල පීඩනය වැඩිවූ අවස්ථාවලදී සාර්ථක ඖෂධයක් ලෙස භාවිත කරයි. මෙහිදීද එය පෙණහලුවල රුධිර නාළ විස්තාරණය සහ ප්‍රසාරණය කරමින් ක්‍රියාකොට පෙණහලූ පීඩනය අවම කරයි.
ව්‍යාඝ්‍ර ඖෂධය අධිමාත්‍රා ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයක් ඇතිවූ අතර, විශේෂයෙන් හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන්ද, හෘදයාබාධ සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන්ද මෙම ඖෂධය භාවිතය ඇතැම් විට මාරාන්තික වන්නේ මෙමගින් රුධිර පීඩනය වැඩිකරන නිසාය.
මෙයට අමතරව තද හිස රදය, පපුවේ දැවිල්ල, ඇඟපත දැවෙන ස්වරූපය ඇති කරයි. සමහර විට පිරිමි ලිංගයට හානි විය හැකිය. තවද කරකැවිල්ල, ඇස් නිලංකාර වීම, ක්ලාන්තය ඇතිවෙයි. මේ වන විට ලොව පුරා ලිංගික දුබලතාවලින් පෙළෙන පුද්ගලයන්ගේ ප්‍රධානතම සහකරු ඔවට සිල්ඩෙනෆිල් පත්ව තිබෙන අතර මෙයට අමතරව මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ද විවිධ ඖෂධ ලබාගන්නා බැවින් එවැනි පුද්ගලයන්ද මෙම ඖෂධය පරෙස්සමෙන් භාවිත කළ යුතු වෙයි.
මෙම ඖෂධය වෛද්‍යමය උපදෙස්වලින් තොරව, නිසි පරිදි රුධිර පීඩනය මැන බැලීමකින් තොරව භාවිතය අහිතකර වෙයි.
හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
සටහන -ලලිත් රුහුණගේ සහ කේ.ඒ.එස්. කුමාර

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*