When you install WPML and add languages, you will find the flags here to change site language.

STF එක කොස්ගොඩට බහී -දකුණ හොල්ලන තාරක පෙනුම වෙනස් කර ගනියි !

දකුණේ පාතාල නායක කොස්ගොඩ තාරකගේ කල්ලිය සහ ඔහුගේ ප්‍රතිවාදියා වන ‘කොස්ගොඩ සුජීගේ කල්ලිය අතර ඇති වී තිබෙන ද්වන්ද සටනත් සමඟ ඔවුන් එකිනෙකා සිය ප්‍රතිවාදියාගේ පවුල්වල අය ඝාතනය කිරීමට උත්සාහ දරමින් සිටින බව පාතාල මර්දන ඒකකයන් සඳහන් කරනවා.
එම ඝාතනය ඉකුත් ඔක්තෝබර් 29 වැනි දින කොස්ගොඩද සිදුවුණා.
මෙම සිවු පුද්ගල ඝාතනය සඳහා යතුරුපැදි දෙකක නැඟී සිවුදෙනකු පැමිණ තිබූ බවත් ඉන් එක් අයකු කොස්ගොඩ තාරක බවත් පාතාල මර්දන ඒකකය මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
මෙම ඝාතනයෙන් අනතුරුව කොස්ගොඩ තාරක සැඟවී සිටින බවත් ඔහු මේ වනවිට හිස මුඩුකොට සිය ස්වරූපය වෙනස්කොට ඇති බවත් පාතාල මර්දන ඒකක වෙත තොරතුරු ලැබී තිබෙනවා.
කොස්ගොඩ තාරක සිය ස්වරූපය වෙනස් කර ගත්තේ විදෙස් රටකට පලා යෑමේ අදහසින් බවට සැක පහළ කරන බව පාතාල මර්දන ඒකකයේ උසස් පොලිස් නිලධාරියකු මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
කොස්ගොඩ තාරකට රටින් පලා යෑමට නොහැකි වන ලෙස අවශ්‍ය ආරක්ෂක විධිවිධාන දැනටමත් ගෙන ඇති බවද පොලිසිය පවසනවා.
මීට මාස කිහිපයකට ඉහතදී පිළියන්දල අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කොල්ලයට පැමිණි කොස්ගොඩ තාරක නමැත්තා එහි සිටි නිරායුධ ආරක්ෂක අංශ නිලධාරියකුට අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ අනෙකුත් ඔහුගේ පාතාල සගයන් ඔහුව සිය පාතාල සබඳතාවලින් නෙරපා ඇති බවද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබෙනවා.
එම බැංකු කොල්ලයේදී සිදු වූ පුද්ගල ඝාතනයක් නිසා කොස්ගොඩ තාරක ළඟින් ඇසුරු කළ දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තාද ඔහු සමඟ විරසක වී ඇති බවටද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් කොස්ගොඩ තාරක ඇතුළු සිවු පුද්ගල කල්ලිය විසින් කොස්ගොඩදී ඉකුත් 29 වැනිදා සිදු කළ සිවු පුද්ගල ඝාතනයට ප්‍රතිප්‍රහාර ලෙස කොස්ගොඩ සුජීගේ කල්ලිය විසින් ඊට දින දෙකකට පසු, එනම් පෙරේදා (31දා) දින රාත්‍රියේ කොස්ගොඩ තාරකගේ මාමා සහ ඔහුගේ දරුවන් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් දියත් කර තිබුනා.
ඉන් කොස්ගොඩ තාරකගේ මාමා සහ ඔහුගේ 03 හැවිරිදි, 07 හැවිරිදි සහ 13 හැවිරිදි දරුවන් තිදෙනා ඇතුළු පස්දෙනෙක් බරපතළ තුවාල ලැබුවා.
මෙම පාතාල ගැටුමත් සමඟ දකුණේ පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු තුනක් සීරුවෙන් තැබීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
පාතාල ගැටුම් හේතුවෙන් දකුණේ ජනතාවද භීතියෙන් ඇලළී ගොස් ඇති බවත් එම ජනතාවගේ ආරක්ෂාවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකා කණ්ඩායම් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා.

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*