Gossip Lanka News | රටේ අනාගත නායකයා ගෙන සුපිරි අනාවැකියක්..

When you install WPML and add languages, you will find the flags here to change site language.

රටේ අනාගත නායකයා ගෙන සුපිරි අනාවැකියක්..

අපේ රටේ හිටියානම් හිටියේ රටට වින කටින දේශපාලකයන් මිස සෙත කරන දේශපාලකයන් නොවේ. සිටියානම් ඒ අතලොස්සකි. එසේ දේශපාලකයින්  අනාගතයේත් බිහි වූවොත් රටේ අනාගතයට කුමක් සිදු වේද? සිංහල ජාතියට කුමක් සිදු වේද? සිංහල ජාතියේ අවසානය වේද?

නැත. එසේ නැත. අපට එසේ අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණ දීමට සිදූ නොවනු ඇත. මා එසේ විශ්වාසයෙන් කියන්නේ මන්ද? එය අනාගත වැකියක් නිසාය. නාඩි වාක්‍ය ඇසුරින්  එය පැවසුවේ අප කවුරුත් ගරු කරන මහානායක බලංගොඩ නායක හාමුදුරුවන්‍ වහන්සේ වේ.

මෙය හුදෙක් මෝඩ කතාවක්ද? නැත. එසේ නැත. එයට හේතුව බලංගොඩ හාමුදුරුවන්‍ කියූ බොහෝ දේවල් සත්‍ය වී ඇත. 1993 දි රටේ පාලනය බාර ගන්නා පාලකයන් 4 දෙනෙක් ගෙන නායක හාමුදුරුවන්‍ ප්‍රකාශ කල සේක. ඒ සියල්ල ඒ අයුරින්ම සිදු විය. තව ඇත්තේ එක් අයෙකු පමනය. ඒ පාලකයා අප රට ගොඩ නගනවා ඒකාන්තය.

පළමුවෙන්ම  පාලකයා වන්නේ තරුණ කාන්තාවක් බව නායක හාමුදුරුවන්‍ ප්‍රකාශ කල අතර ඇය සමග තරග වදින්නේද කාන්තාවක් බව ප්‍රකාශ කල සේක. එය එසේම සිදු විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක තුමිය ජනාධිපතිනිය විය.

ඉන් අනතුරුව පාලනයට පත් වන තැනැත්තන් ගෙන පැවසූ නායක හාමුදුරුවන් ඉන් එක් තැනැත්තෙක් සිතා ගත නොහැකි ජයක් ලබන බව ප්‍රකාශ කල සේක. ඒ අනාවැකිය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනය. අනෙක් අනාවැකිද එසේම විය.

නාඩි වාක්‍යට අනුව නායක හාමුදුරුවන්‍ පවසන පරිදි මී ලග පාලකයා එසේ මෙසේ අයෙක් නොවේ. අපේ භාෂාවෙන් කියනවනම් ඔහු එසේ මෙසේ  “පොරක්”  නොවේ.

ඔහු ලෝක  පූජිත අයෙක් බව නායක හාමුදුරුවන් ප්‍රකාශ කර ඇත. බොහෝ විට ඒ විද්‍යාඥයෙක් විය යුතුය. ඔහුගේ පාලනය කාලයේ සිදු වන ලෝක යුද්ධයේදි නිපදවන උපකරණයක් මගින් , යුද්ධය අප රට ජයග්‍රහණය කරන බවත් එම උපකරණයෙන් අප රටට කිසිදු හානියක් නැති බවත් සදහන්‍ වේ.

බොහෝ දෙනා පවසන්නේ එම උපකරණය පරමාණු බෝම්බයක් බවයි. නමුත් මගේ අදහසනම් බුදුදහමින් පෝෂනය ලැබු අපේ රටේ නායකයා පරමාණු බෝම්බයක් භාවිතා නොකරනු ඇත යන්නයි. ඒ වෙනුවට ඔහු පරමාණු බෝම්බයටත් වඩා බලවත් ,  සතුරන් පමණක් ඉලක්ක කරන සුපිරි ආයුධයක්  භාවිතා කරනු ඇති  බවයි.

එසේනම් ඔහු කවුද?  දැනට පාලනය කරන අය දෙස බලද්දී එසේ පෞරෂත්වයකින් යුත් අයෙක් අපේ රටේ නොමැති බව මගේ හැගීමයි. එසේනම් මේ අළුත් අයෙක් විය යුතුය. සමහර විටෙක ඔහු දැනට  සාමාන්‍ය පරිදි ජීවත් වනවා විය යුතුය.

ඔහු පාලනය බාර ගන්නා  නිශ්චිත දිනක්  සදහන්ව නොමැත. සමහට විට ඔහුගේ පැමිණීම තව අවුරුද්දකින් , දෙකකින්, පහකින් සිදු වේයැයි කීමට නොහැක. නමුත් එක දෙයක් නම් පහැදිලිය. ඔහු එසේ මෙසේ “පොරක්” නොවේ.

ජ්‍යොතිශ්‍යට අනුවද ඉදිරි වසර 7 තුල සුපිරි දේශපාලන වෙනසක් රටේ සිදු වේ.  එය සුභවාදි වෙනසකි. ඒ හරියට කුමක්දැයි ජ්‍යොතිශය කරන අයටද පැහැදිලි නැත. ඔවුන් ඒ පිළිබදව විවිද මත පල කරති. රාවණා රජුගේ නැවත නැගිටීමක් ගෙනද , දිය සෙන් කුමාරයාගේ නැවත පැමිණිමක් ගෙනද අසන්නට ලැබෙයි. සමහර විට ඒ පුනර්භවයක් වීමට බොහෝ විට ඉඩ ඇත.

නමුත් අනාගතය අවිනිශ්චිතය. අප අපේ අනාගතය එන තෙක් බලා සිටිමු. අපට කිරීමට ඇත්තේ එකම එක දෙයකි. ඒ ඔහු , පාලකයා වු පසු සහය දීම පමණකි.

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*