Gossip Lanka News | සමන්තබද්‍ර පච වේ! – රහත්කම අතහැර, සමාව ඉල්ලා මල්වතු මහානායක හිමි ඉදිරියේ දණින් වැටෙයි (VIDEO)

When you install WPML and add languages, you will find the flags here to change site language.

සමන්තබද්‍ර පච වේ! – රහත්කම අතහැර, සමාව ඉල්ලා මල්වතු මහානායක හිමි ඉදිරියේ දණින් වැටෙයි (VIDEO)

තමන් රහත් භාවය ලැබූ බැවින් සිරි සමන්තබද්‍ර බවට පත්වූ බව ප්‍රකාශ කර, පසුගිය සමයේදී දන්ත ධාතුන් වහන්සේ ඌරු දතකට සමාන කිරීම වැනි ආන්ද්හෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකල පිටදූවේ සිරිදම්ම හිමි අද(15) මල්වතු මහා විහාරයට ගොස් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ සංඝ සභාව ඉදිරියේ වැඳ වැටී තමන් කල පව් වලට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
පසුගිය වසර කිහිපය පුරාම තමන් වහන්සේ රහත් වී ඇති බවත් තුන් ලෝකයේම තමන්ට වඩා ජගතෙක් නොමැති බවත් පුන පුනා ප්‍රකාෂ කල උන්වහන්සේ සමාජජාල මාධ්‍ය තුල පුවත් මවන්නෙක් බවට පත් විය.
වෙනදාට සිරි සමන්තබද්‍ර ලෙස රහතන් වහන්සේකට අමතන ස්වභාවයෙන් ක්‍රියාත්මක වන උන්වහන්සේගේ ෆේස්බුක් පිටුවද අද පිටදූවේ සිරිදම්ම යන උන් වහන්සේගේ නිවැරදි නාමයෙන් අමතා ඇති ආකාරය දක්නට ලැබේ.
එම ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන සහ මෙම සමාව ඉල්ලීමට අදාළ මොහොතේ දර්ශණ සහිත ප්‍රවෘත්ති වාර්තාව පහතින් දැක්වේ.
“මෑතකදී පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර හිමි) විසින් දේශනයක් අතරතුරදී සිදු කල ප්‍රකාශයක් එක්තරා බෞද්ධ රූපවාහිනී නාලිකාවක් මගින් එය දන්තධාතූන් වහන්සේටත්, ලළාට ධාතුන් වහන්සේටත් සිදු කල නිග්‍රහයක් ලෙසට විකෘති කොට පෙන්වා දීම පිළිබඳව අද දින මල්වතු මහයානක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ සමඟ සුහදව සාකච්ඡාවක් ඊයේත් අද දිනත් මල්වතු මහාවිහාරයේදී සිදු කළා. එහිදී, නුවර ප්‍රදේශයේ සිදු කල ධර්ම දේශනාවක් අතරතුරේදී සිදුවූ බාධාකාරී තත්වය අස්ගිරි පාර්ශවයෙන් සිදු කළා යයි සිතා සිදුකල ප්‍රකාශයෙන් අස්ගිරි පාර්ශවයට අපහාසයක් සිදු වී නම් එයට සමාව ගැනීමටද සුදානම් බව පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර හිමි) එහිදී ප්‍රකාශ කළහ. උක්ත දන්තධාතුන් වහන්සේලාට අදාළ ප්‍රකාශයෙන් පිටිදුවේ සිරිධම්ම හිමියන් කිසිලෙසකින්වත් මහනුවර වැඩ සිටින පූජනීය දන්ත ධාතුන් වහන්සේට හට හා සේරුවාවිල වැඩ වෙසෙන ලළාට ධතුන්වහන්සේට පරිභවයක් නොකළ බවත් එය අදාළ නාලිකාව මගින් විකෘති කොට පෙන්වා දුන් දෙයක් බවත් මහනායක හිමිපාණන් වහන්සේද ඒකමතිකව පිළිගත්හ. එමෙන්ම සිරිධම්ම හිමියන් පෙන්වා දුන්නේ ව්‍යාජ ධාතු ගෙන්වා අද සිදුකෙරෙන වංචාව ගැන බවද මහනායක හිමිපාණන් වහන්සේ කරුණු අවබෝධ කොටගෙන තිබුණි.
මින් අනතුරුව සිරි සදහම් ආශ්‍රමයේත්, උමංදාව මහා විහාර ආශ්‍රමයේත් සිදුවන සියලුම ශාසනික කටයුතු ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සිදුකිරීමටත් මෙහිදී එකඟතාවයට පත්විය. එමෙන්ම පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ) විසින් සිදු කෙරෙන සියලුම ශාසනික වැඩපිළිවෙලවල් සඳහා මහනායක හිමියන්ගේ පූර්ණ ආශීර්වාදය ලබා දෙන බවත් උන්වහන්සේ මේ ඉදිරි ගමනට ශක්තියක් වන බවත් ප්‍රකාශ කොට සිටියහ.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*