Gossip Lanka News | කුරුලෑ නිසා ඔබත් පසු තැවෙනවද ? එහෙනම් මෙන්න විසදුම .

When you install WPML and add languages, you will find the flags here to change site language.

කුරුලෑ නිසා ඔබත් පසු තැවෙනවද ? එහෙනම් මෙන්න විසදුම .

අද අපි ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ හිසරදයක් ගැන,කොටින්ම මානසික වදයක් මිනිස්සු හිතින් දුක් විදින්න හේතුවක්,ලෙඩක් මෙච්චර දේවල් කියද්දි එක එක දේවල් හිතට එනවා ඇති.
කියන්න හදන්නෙ කුරුලෑ ගැන 🙂 මේවා හැමෝටම නෑ.කුරුලෑ කියන්නෙ නව යොවුන් වියේ සහ වැඩිහිටි වියේ දී උනත් හැදෙන්න පුලුවන් ලෙඩක්.මේ කරදරෙන් බේරෙන්න ගෙදරම හදාගන්න පුලුවන් බෙහෙත් ගැන නම් ඔයාල දැනටමත් දන්නව ඇති මොකද ටී.වී එකේ උනත්,අඩුම ගානෙ ෆේස්බුක් යන කෙනෙක්ට උනත් බෙහෙත් වර්ග ගැන විස්තර දකින්න ලැබෙනවා.මේවයෙනුත් ඔයාලට ප්රතිඵලයක් ලැබුනෙ නැද්ද?එහෙනම් මී ලිපිය ටිකක් කියවන්න.මේ බෙහෙත් පිට රටදී සොයාගත් බෙහෙත් වර්ග උනත් මී ලිපියෙන් ගන්න දෙයක් ඔයාලට අනිවාර්යෙන්ම තියේවි.ඒ නිසා ඉවර වෙනකල්ම කියවන්න.

Acne ඇක්නි කියන්නෙ බොහෝ විට නිතර නිතර කුරුලෑ වලට සම්බන්ද වී ඇති බැක්ටීරියාවක්.මෙම බැක්ටීරියාව තරුණ අයගේ මෙන්ම වැඩිහිටියන්ගේ සමේද නිතරම දකින්න පුලුවන්.මෙම බැක්ටීරියාව සෙල තුල ඇති මේද අම්ල ඉවත් කරනවා.සමෙහි කුඩා සිදුරු අවහිර වී ඇත්නම්,බැක්ටීරියාව ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා.බැක්ටීරියාව වර්ධනය වීමේදී බිද දමන සිදුරු තුල තුවාල සෑදෙනවා.පහතින් සදහන් කරන ක්රම උත්සහ කලොත් ඔබට මෙම කරදර වලින් පහසුවෙන් මිදිය හැක.

1.ඇපල් සයිඩර් විනාකිරි යොදන්න
ඇපල් සයිඩර් විනාකිරි ඇපල් සයිඩර් පැසවීම මගින් හෝ ඇපල් ගෙඩියකින් මිශ්ර නොකල යුශ මගින් නිශ්පාදනය කරන දෙයකි.අනෙක් විනාකිරි වර්ග මෙන් මෙම විනාකිරි වර්ගයද බොහෝ බැක්ටීරියා සහ වයිරස් වර්ග සමග සටන් කිරීමට හැකියාව ඇති දෙයක් බව බොහෝ දෙනා දනී.
ඇපල් සයිඩර් විනාකිරි වල කාබනික අම්ල කිහිපයක් අඩන්ගු වී ඇත.

භාවිතා කරන ආකාරය
ඇපල් සයිඩර් විනාකිරි වලට ජලය දමා(සන්වේදී සම සදහා ජලය වැඩිපුර භාවිතා කරන්න.)මිශ්ර කරන්න.
සම පිරිසුඩු කිරීමෙන් අනතුරුව,කොටන් බෝලයක් මගින් මිශ්රනය සමෙහි සෙමින් තවරගන්න.එය සම තුල තප්පර 20ක් පමන තිබෙන්නට හැර වතුරෙන් සෝදා හැර සම වියලෙන්නට තබන්න.මෙම ක්රියාවලිය දිනකට දෙවරක් පමන කරන්න.ඔබේ සමට ඇපල් සයිඩර් විනාකිරි යෙදීම මගින් පිලිස්සීම් වලට හේතු විය හැකි බැවින් කුඩා ප්රමාන වලින් ජලය සමග තනුක කල යුතුය.

2.සින්ක් අතිරේකයක් භාවිතා කරන්න.

සින්ක් යනු සයිල වර්දනය,හෝමෝන නිපදවීම සහ ප්රතිශක්තීකරණ ක්රියා සදහා වැදගත් වන ***අත්යවශ්ය පෝශකයකි.
එය කුරුලෑ සදහා වඩාත් අධ්ධයනය කරන ලද ස්වාභාවික ප්රතිකර්මයකි.පර්යේකශකයින් පෙන්වා දෙන පරිදි,කුරුලෑ ඇති පුද්ගලයින්ගේ සෲජු සමට වඩා ඔවුන්ගේ සින්ක් ඔක්සිජන් ප්රමාණය අඩු මට්ටමක පවතී.
අධ්යනය කිහිපයක් පෙන්වා දී ඇත්තේ සින්ක් ඔක්සිජන් කුරුලෑ අඩු කිරීමට උපකාරී වන බවයි.
අධ්යනයකට අනුව කුරුලෑ රෝගීන් 48 කට සින්ක් අතිරේක දිනකට තුන් වතාව බැගින් ලබා දෙන ලදී.සති අටකට පසුව රෝගීන් 38 කට(80%) කුරුලෑ ඇතිවීම අඩු වී ඇත.
සින්ක් අතිරේක ලබා ගැනිමේදී අනිවාර්යෙන්ම වෛද්යවරයකුගේ
අධීක්ශනය මත ලබා ගත යුතුය.නියමිත ප්රමාණය ඉක්මවා සින්ක් අතිරේකය ලබා ගැනීම මගින් බඩේ වේදනාව සහ අපැහදිලි ආබාධ රැසක් ඇති විය හැකිය.
සමට සින්ක් යෙදීම ඵලදායී නොවන බව සැලකිල්ලට ගත යුතුය.මන්ද යත් සින්ක් සම තුල ඵලදායී ලෙස අවශෝෂණය නොවන නිසා විය හැකිය.

3.මී පැනි සහ කුරුදු අඩන්ගු මාස්ක් එකක් සාදන්න.
මෙම ද්රව්ය දෙකම ප්රති බැක්ටීටීරී තත්ව ඇති සම සදහා පොදු කුරුලෑ බෙහෙත් වර්ග දෙකකි.මී පැණි සහ කුරුඳු, බැක්ටීරියාවට එරෙහිව සටන් කිරීමට සහ උත්තේජනයන් අඩු කිරීමට හැකියාව ඇති දේවල් දෙකකි .

කුරුදු සහ මී පැනි මාස්ක් එක සාදාගන්නා ආකාරය පහතින් දැක්වේ.
පේස්ට් එක සාදා ගැනීමට මී පැනි මේස හැදි දෙකක් සහ කුරුදු තේ හැන්දක් දමා මිශ්ර කරගන්න.මුහුන පිරිසිදු කිරීමෙන් පසු ඔබේ මුහුණට සාදාගත් පේස්ට් එක ආලේප කර විනාඩි 10-15 තබන්න.
ඔබේ මුහුන වතුර වලින් සෝදා පේස්ට් එක සම්පූර්ණයෙන්ම මුහුනෙන් ඉවත්කර ඉවත් කර ඔබේ මුහුණ වියළෙන්න හරින්න.
මී පැණි හා කුරුඳු වල ප්රතිඔක්සිකාරක සහ ප්රතිබැක්ටීරීය ගුණ ඇත. මේ නිසා, කුරුලෑ සම සඳහා ප්රයෝජනවත් විය හැකිය.

අප ඔබ වෙත ඒ ගෙන ආවේ ප්රාථමික බෙහෙත් වර්ග තුනක් නොවේ.අති සාර්ථකව පර්යේශණ මගින් සනාථ කරගත් බෙහෙත් වර්ග 3කි එබැවින් ඔබත් කුරුලෑ නිසා දුක් විදින අයෙක්නම් අනිවාර්යෙන්ම මෙම ලිපිය ඔභට ප්රයෝජනවත් වේවි.කුරුලෑ ප්රශ්නය තවත් ඔබට වදයක් නොකරගන්න,මෙම බෙහෙත් 3න් එකක් භාවිතා කර බලන්න.
ඔබට ජය!

6
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*