Gossip Lanka News | ආදරය කියන්නේ පපුව හීරෙන එක ,ඒ මැද්දෙන් හිනා වෙන එක

When you install WPML and add languages, you will find the flags here to change site language.

ආදරය කියන්නේ පපුව හීරෙන එක ,ඒ මැද්දෙන් හිනා වෙන එක

 

ම්ම්ම්ම් මට අද වගෙ මතකයි ඒ දවස් ටික ලස්සනට ගෙවුනු හැටි.ගෑනු ළමයිනුයි පිරිමි ළමයිනුයි අපේ ඉස්කොලෙ හිටියා.මගෙ පන්තියෙම ඔයාත් හිටියේ එත් මට ඔයා ගැන විශේශයක් මුලදි දැනුන්නෑ.දවසක් හිතා ගන්නවත් බැරි විදියට ඔයා මගෙ ජිවිතේට ආවා.පංතියේ හිටිය කොටම කොට චුටි පැටියා ඔයා.වැඩිය සුදු නැති උනාට මන් හරි ආසයි ඔයා කොට නිසා.අමතකද දන්නෑ මේ දවස.

මන් ඔයාගෙ පුටුව ලගින් වැරදිලා ඇවිත් ඉද ගත්තා.මන් දැනම් හිටියෙ නෑ එ පුටුව ඔයාගෙ කියලා.කොල්ලොත් එක්ක පිට්ටනියෙ වලියක් ගිහින් මහියා කිවුව කතාවකින් අවුල් ගිහින් එතනින් ඉද ගත්තෙ ඇවිත් පංතියේ කවුරුවත් හිටියෙත් නෑනෙ.ඩෙස් එකේ ඔලුව තියන් ඉද්දි තමයි ඔයා මං ලගට ආවේ.අපෙ පංතියෙම හිටියත් ඔයා අලුතෙන් අපේ එකට වැටුන නිසා කලින් එච්චර හම්බෙලා නෑ කොහොමත් මං කෙල්ලො ගැන වැඩිය හෙවුවෙත් නැ.

මගෙ ලඟට ඇවිත් ඔයා ඉද ගත්තත් මට තෙරුන්නැ.එක පාරක් නිකමට ඔලුව ඉස්සුවාමයි දැක්කෙ චුටි සුරංගනාවියක් වගෙ ඔයා බලන් ඉන්නව කියලා.දැක්කාම පුදුම හිතුනා.නිදාගෙන ඇහැරුන නිසා හීනයක්ද කියලත්.එත් එක්කම ඔයා මෙහෙම අහද්දී,”මං මෙතන ඉන්න එක කරදරයක් නෑ නේද?ඔයා දුකින් නිසා යන්නද?”
එ ඇස් හරි අහින්සකයි මටත් වඩා දුකින් පිරිලා.
“මං විතරද ඔයත් දුකින්නේ”
චූට්ටක් විතර ලැජ්ජ හිතිලා අහක බලම් ‘එහෙම නෑ කියද්දී’ පවු කියල හිතුනා.
“අද ඔයාලා රණ්ඩු උනා නේද? ම්ම්ම් මාත් එතනින් ගියා අත හෝදන්න.මහිංස ඔයාට බැන්න නේද?ඔයාගෙ වැරැද්දක් නෑ එයාලගෙ වැද්දක්නෙ ඔයා කිවුවෙ දුකින් එපා.”
එහෙම කියද්දි මාව ගැස්සිලා ගියා ඉස්කොලෙම ඔහොම දන්නවද දන්නෑ.ඊලගට මහියා මං වටේම කියල පාවල දුන්නා කියල හිතයි.ඇත්තටම මහියා වල බහිනවා වැඩි දැන්.අපේ සෙට් එකෙනුත් කැඩිලා ක්ලාස් එන්නෙත් නෑ ඕකටයි මං බැන්නෙ මහියට බැන්නට මගෙයි හිත රිදුනේ.”උබලා වැඩක් බලා ගනින් මං උබලගෙ එකෙක් නෙමෙයි කියල හිතපන් කිවුවා දුකට.”මහියා නරක එකෙක් නෙමෙයි කොහොමත්.
“හ්ම්ම්.එත් ඇයි ඔයා දුකින් ඉන්නෙ මං එවලෙ ඔයාව දැක්කෙත් නැනෙ.”
“මං දුකින් නෑ ඔයා දුකින් ඉන්න එපා මගෙ හිතට හරි නෑ ඒක.”
ආආ කෙල්ල දුකින් ඉන්නෙ මං නිසයි එහෙනම්.එත් ඇයි දන්නෑ.ඒ.
“මං දුකින් හිටියාමද ඔයත් දුකින් ඉන්නෙ”
ලැජ්ජාවට අහක බලා ගත්තම මං අයේ .මූනට එබුනා.
“නැ නැ මේ එහෙම නෑ එත්.හ්ම්ම් ඔව් මං හිතන්නෙ එහෙම තමයි”
මං කට කොනින් ලාවට හිනා වෙනවා චූටි පැංචි දැක්කා.අයේ ලැජ්ජ හිතිලා ඇබරෙනව ඉතිං.එතකොටයි මං නියපොතු ටික දැක්කෙ.
“නියපොතු සුද්ද කරලා නැනේ”
“ආආආ මේ අමතක උනානෙ”
මං දැක්ක නිසා ඇස් දෙකත් ලොකු කරම් එහෙම කියදිදී දෙන්න හිතුනා චූටි ටොක්කක්.
“හෙට එද්දි සුද්ද කරම් එන්න නැත්තම් ඔහොම නෙමෙයි ඔලුව හිල් වෙන්න අනින්නේ”
“ආව් රිදුනා මං යනවා.”
එහෙම කියලා නැගිටලා දිව්වා .එතකොටයි දැක්කෙ සකුලාගෙ කට්ටිය එනව අනිත් පැත්තෙන් කියලා.දුකත් කොහෙට ගෙනිච්චද මන්ද මේ පැටියා.

පහුවදා ඉස්කොලේ ඇවිත් මං බැලුවා එයා ඉන්නවද කියලා.උදේ පන්සිල් ගත්තට පස්සේ ටැප් එක ලගට ගියා අත හෝදන්න ගම් වගයක් ගෑවිලා එතකොට මගෙ අත උඩින් අතක් දැම්මා කවුරු හරි හැරිල බලද්දී දැක්කේ එයා කිය්ලා.”මං නියපොතු මැද්දා මේ”
“ආආ මෙන්න නියපොතු සුද්ද කරලා.මං කිවුව නිසාද?”
“ම්ම්ම්ම් ඔව් මං ඔවා ගැන වැඩිය හිතන්නෑ එත් මං ගෙදර ගීන් සුද්ද කලා.ඇයි දන්නෑ.සමහර විට ඒ ඔයා නිසා වෙන්න ඇති”
මට එයා ගැන අමුතුම හැගීමක් තියෙන්නෙ ආදරයක්ද මොකක්ද කියල මන් දන් නෑ.මං කිවුව නිසා මේකත් කරන් ඇවිත් දැන් සමහර විට කියනවා හොර ගෙඩියා.
“හරි හරි මං කිව්ව එක මතක් වෙන්නත් නැතුව ඇති එහෙනම්”
“නැ නෑ මට මතක් උනා එකයි මේ”
එක කියලා අතින් කට වහන් පංතිය පැත්තට දිව්වා.මටම පුදුමයි මේ උන එක.මේ කෙල්ල දගයි.මං ආසයි. හරි හුරතල් මං ගැන හොයන්වද කොහෙද? මට පේන්නෙ නතුව කොහෙ හිටියද මන්ද මෙච්චර කල්.මත් එහෙම්මම පංතියට ගියා.
ටික දවසක් යද්දි අපේ යලුකම අදරයකට පෙරලුනා.එත් මට තාම එ හැගීම හරි අමුතුයි.

ඔහොම අපි ටිකෙන් ටික ලං උනා.එය ගම්පහ ක්ලස් අවෙත් මං යන නිසා.ගොඩක් දවස් වලට මං චොක්ලට් ගිහින් දුන්නා අපේ ඉස්කොලෙ එයගෙ යාලුවො නැති නිසා චොක්ලට් වෙන ලමයි එක්ක බෙදන් කෑවා දවල්ට බත් එකත් අරන් හැමදාම මං ලගට එනවා කන්න.
අපි ගොඩක් කලේ ඇවිද්ද එකමයි.යන්න කියලා පාර්ක් එකක්වත් තිබ්බෙ නැති නිසා දන් නැති පාරවල් වල ගොඩාක් දුර ඇවිද්දා.
එයාට ලස්සනට කතා කරන්න පුලුවන්.පේන හැම දෙකටම් උපමාවක් දලා මාව සමාන කරලා කියනවා.එවා තාමත් මතක් වෙනවා.එයා මට ආදරෙයි කියල තියන්වා ගොඩාක් පාරක් එත් අදරේ කලාද නැද්ද දන්නෑ.මගෙ නම් ඒ හැගීමට නමක් දෙන්න මන් දන්නෑ.තාම එදා වගේම හරිම අමුතුයි ලස්සනයි ඒ හැගීම.
අපි අවුරුදු එක හමාරක් විතර ලං වෙලා හිටියා.එත් එක පාරට එයා කල්පන කියල මගෙ යාලුවෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා.

 

මාව හිතාගන්නවත් බැරි තරම් ඉක්මන්ට අමතක කලා.හරියට යන්නම් කියන්නෙත් නැතුව යන්න ගියා.එදත් මං ඒ ඇයි කියලා ඇහුවා අදත් අහනවා.උත්තරයක් තාම ලැබුන්නෑ.එයාමයි මං ලඟට ආවේ.ඔයාමයි චුටි පැටියො මාව දාලා යන්න ගියෙත්.අද මැරි කරන්නෙ ඔයායි කල්පනයි කියලා දැනන් නෙමෙයි මං ආවෙ.මගෙ යලුවෙක් කතාකලා එයාට හදිස්සි වැඩක් කියල.

වෙඩින් එකේ ෆොටො ගහන්න.එකයි ආවේ.ඔහොම බය වෙලා දුකින් බලන් ඉන්න එපා පැටියො මේ ඔයාගෙ ජීවිතේ ලස්සනම දවස හිනා වෙලා ඉන්න ෆොටෝ එකට කැතට පෙනෙයි.

 

 

2
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*