Gossip Lanka News | කිලිනොච්චියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පිරිසක් රෝහලේ (PHOTOS)

When you install WPML and add languages, you will find the flags here to change site language.

කිලිනොච්චියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පිරිසක් රෝහලේ (PHOTOS)

ඊයේ (17) දිනයේ මත්පැන් අලෙවි සැලක් අසල දෙපිරිසක් බීමත්ව සිට ඇති අතර පසුව එම ස්ථානයේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් දෙපිරිසම මත්පැන් අලෙවි සැලේ හිමිකරුවන් විසින් එම ස්ථානයෙන් විටත් කර තිබෙනවා.

පසුව එක් පිරිසක් අසල පිහිටි කුඹුරු යායකට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී අනෙක් පිරිස විසින් තියුණු ආයුධ සිහිතව පැමිණ කුඹුරු යායේ සිටි පිරිසට පහරදී තිබෙන බවයි කිලිනොච්චිය පොලීසිය පවසනවා.

අනතුරුව මෙම පහරදීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු කැපුම් තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කර ඇති අතර මෙම සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් උණුසුම්කාරීව හැසිරුන බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව එම ස්ථානයට යුද හමුදා කණ්ඩායමක් හා කිලිනොච්චිය පොලීසිය පැමිණ තත්වය පාලනය කරමින් ප්‍රදේශවාසීන්ට කරුණු පහදා පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අද උදෑසන වන විට අදාළ පහරදීමට සම්බන්ධ තියුණු ආයුධ තොගයක් ත්‍රී රෝද රථයක තිබී සොයාගත් අතර එහි හිමිකරු වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලින් පසුව තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර එම පිරිසද අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදුකරමින් පවතින බව කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*