When you install WPML and add languages, you will find the flags here to change site language.

අයි පෝන් 10(එක්ස්)ගැන ඔබ නොදත් කරුනු 5ක්

අයි පෝන් එක්ස් එක එලියට දාල ටික දවසයිනෙ වෙන්නෙ.කලින් අයි පෝන්ස් වලට වඩා හාත්පසින්ම වෙනස් විදිහට තමා මේක ගහල තියෙන්නෙ.මේකට කම්පනි එකෙන් අලුත් වැඩ කෑලි ටිකකුත් එකතු කරල තියෙනව කලින් අයි පෝන් වල තිබ්බෙ නැති ඒවා.මෙන්න අලුත් අයි පෝන් එක ගැන ඔයාල දන්නෙ නැති හැන්ගුනු කරුනු 5ක්

 

1.අලුත් ෆ්ලෑශ් ලයිට් ශෝට් කට් එක

ඇපල් එක මේ ගමන එයාලගෙ එජ් ටු එජ් ඉස්ක්‍රීන් එක නිසා උපරිම ප්‍රතිඵල අරන් තියෙනව.අයිනෙම වම් පැත්තෙ කොනේ තමා මේක තියෙන්නෙ.හරියට අයිනෙම දකුනෙ තියෙන කැමරා ශෝට්කට් එක වගේ තමා.අයි පෝන් යූසර්ස්ලටනම් මේක අලුත් අත්දැකීමක්.

 

2.4K වීඩියෝ රෙකෝඩ් කිරීමේ පහසුකම

ඉ ඵෝන් එක්ස් එකෙන් අපිට 4K වීඩියෝ රෙකෝඩ් කිරීමේ පහසුකම දීල තියෙනව.ඒත් අයි පෝන් එක්ස් එකේ කැමරාව ඔටෝමැටිකලි රෙකෝඩ් කරන්නෙ 1080පී විඩියෝ විතරයි.ඒක නිසා ඒ පහසුකම අපිට මැනුවලි හදාගන්න වෙනවා.ඒක හදාගන්නෙ මෙහෙමයි

Settings > Camera > Record Video and choose 4K and the frame rate you want

4K 60 Frames Per Second දක්වා අපිට රෙකෝඩ් කරන්න පුලුවන් පහසුකම තියෙනව.

 

3.ස්මාර්ට් ඉන්වර්ටඩ් කලර් පහසුකම

ඔයාල දවල් වගේම රෑත් පෝන් එහෙකින් වැඩ කරනව ඒ කියන්නෙ රෑට වැඩ කරද්දි ඩිස්ප්ලේ එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එක සුදු නැතුව කලු වෙනවනම් ගොඩක් හොදයි.අලුත් අයි පෝන් එක්ස් එකෙන් මේ පහසුකම ඔයාලට දීල තියෙනව සෙටින්ග්ස් වලට ගිහින් ඒ ෆීචර් එක ඇක්ටිව් කරගත්තට පස්සෙ ඔයාලට ස්ලීප්/වේක් බටන් එක තුන් පාරක් ක්ලික් කරපු ගමන් ඩිස්ප්ලේ එකේ කලර් එක වෙනස් කරගන්න පුලුවන් එක සෙට් අප් කරගන්නෙ මෙහෙමයි

Settings > General > Accessibility and scroll down to Accessibility Shortcut. Tap on that and select Smart Invert Colours.

 

4.ඉස්ක්‍රීන් රෙකෝඩ් කිරීමේ පහසුකම

 

ඔයාට අයි පෝන් එක්ස් එකේ ඉස්ක්‍රීන් රෙකෝඩ් කරන්න ලෙසියෙන්ම ඕනිනම් මෙහෙම කරන්න.ඔයාට ටක් ගාල බටන් එක කන්ට්‍රෝල් සෙන්ටර් එකට දාගන්න පුලුවන්

Settings > Control Centre > Customise Controls and add Screen Recording

මෙහෙම කරල ඔයා එක පාරක් ඉස්ක්‍රීන් රෙකෝඩ් බටන් එක ප්‍රෙස් කරපු ගමන් 3 2 1 කියල කවුන්ට් වෙලා ඉස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන්න පටන් ගන්නව.ඒක නවත්තන්නනම් උඩ වම් කෙරවලේ තියෙන රතු පාට බටන් එක ප්‍රෙස් කරන්න ඕනි.එහෙම කරහම රෙකෝඩ් වෙන එක නැවතිලා ඒ ගත්තු වීඩියෝ එක ඔටෝම පොටෝ ඇප් එකේ සේව් වෙනව.

 

5.අයි පෝන් එක්ස් එකත් එක්ක අයි පෝන් ලෝකෙට ආපු අලුත්ම ෆීචර් එකක් තමා ෆේස් අයි ඩී කියන්නෙ හැමදාම තියෙන ටච් අයිඩී එකත් එක්ක මේ ගමන ෆේස් අයි ඩී එකත් ඇවිල්ලා.ෆේස් අයි ඩී එක අපිට අපේ පෝන් එකේ ඕනිම පාර්ට් එකක ආරක්ශාවට ටච් අයි ඩී එක වගේම පාවිච්චි කරන්න පුලුවන්.මේක එයාල ගොඩක් දියුනු තාක්ෂණයකට තමා හදල තියෙන්නෙ.පෝන් එකේ හැම දෙයක්ම අන්ලොක් කරගන්න ෆේස් අයිඩී එක යූස් කරන්න ඔයාල කැමති නැත්නම් ඔයාලට පුලුවන් අවශ්‍ය විදිහට ඒක කස්ටමයිස් කරගන්න

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*