Gossip Lanka News | ඔයාලත් ඉන්නේ හනිමුන් යන්නද ?

When you install WPML and add languages, you will find the flags here to change site language.

ඔයාලත් ඉන්නේ හනිමුන් යන්නද ?

ඔයාලත් විවාහ වෙන්න ඉන්න කපල් එකක් ද?හනිමුන් යන්න ලස්සන තැනක් හොයනවා ද?ජිවිතේ කවදාවත් අමතක නොවන හනිමුන් එකට පොඩ්ඩක් වෙනස් තැනකට ගිහින් බලමු ද?

01.තරු පිරුණු අහස යට –River Garden Resort

බෙලිහුල් ඔය අසල  සුන්දර පරිසරයක පිහිටා තියෙන මේ නවාතැනට යන ඔබට ජල පහරවල් ගලන හඬ, කුරුළු හඬ සමගින් වනෝද්‍යානයක තියෙන ලස්සන අත්විඳින්නට පුලුවන්. ඒ වගේම පෞද්ගලික පරිසරයක වෙන් වෙලා තියෙන නිසා මධුසමය ගත කරන්න යන යුවළකට මෙතැන හොඳින් ගැලපෙනවා කියලා කියන්න පුලුවන්. පැරණි පන්නයේ මැටි ගෙයක වගේම තරු එළිය යට කඳවුරු අත්දැකීමක් විඳින්නත් මෙතැනට ගියොත් පුළුවන් වේවි.මොකද හිතෙන්නේ ලස්සන කැලයක් මැද හනිමුන් එක සමරන එකෙත් පොඩි ගතියක් තිබෙනවා නේද?

02.ශ්‍රී පාදය ආසන්නයේ හුදෙකලා නවාතැන – Fishing Hut

ශ්‍රී පාදයට ආසන්නයේ වන රක්ෂිතයක කෙළවරේ තියෙන ලීයෙන් ඉදිකරපු මේ පුංචි කැබින් නවාතැන් පොල ගැලපෙන්නේ ස්වභාවික සුන්දරත්වය ඒ ආකාරයෙන්ම විඳින්නට ආශා කරන, ඇඩ්වෙන්චර් කියන වචනයේ තේරුම දන්න කපල් එකකට. කොහොම වුනත් හුගක් දෙනෙක් මේ තැන ගැන වැඩිය දන්නේ නම් නැහැ.අවුරුදු ගණනාවකට කලින් තේ වතු හිමියන් විසින් ට්‍රවුට් මසුන් අල්ලන්නට නවාතැනක් විදියට හදපු මේ සුන්දර හට් එකට වෙලා දෙන්නත් එක්ක හනිමුන් එක ගත කරද්දී කොහොම තියෙයිද..

03.Koggala – Hotel Tri

ගාල්ලට එහා තියෙන ලංකාවේ ලොකුම ස්වභාවික වැව වෙන කොග්ගල වැවේ ඉවුරේ තමයි ලක්ෂරි ඩිසයින් හොටෙල් එකක් වන මේ හෝටලය පිහිටා තිබෙන්නේ.. පරිසර හිතකාමී විදියට නිර්මාණය කරලා තියෙන මේ හෝටලය සොබා සුන්දරත්වය විඳින්න කැමති දෙන්නෙක්ට බොහොම සුන්දර අත්දැකීමක් ලබාදෙනවා කියන එක විශ්වාසයෙන් කියන්න පුලුවන්.මේ හෝටලේ බොහොම සුඛෝපභෝගී කාමර,ප්‍රයිවට් පූල් පවා තියෙනවා. මේ හෝටලේ තියෙන පූල් එකක ගැට්ටට වෙලා බැලුවහම කෙලින්ම පේන්නේ කොග්ගල වැව. ඉතින් හනිමූන් කපල් එකකට නිදහසේ ඉන්න විතරක් නෙවෙයි වැවේ ඔරු පදින්න වුනත්, මුහුදේ නාන්න වුනත් පුළුවන්.

04.Bogawantalawa – Ceylon tea Traills

හනිමූන් යන කපල් එකකට යන්න පුළුවන් රොමැන්ටික් තනල් තමා මේ. උඩරට බොගවන්තලාව නිම්නයේ සුන්දර විල්තෙරක තියෙන මේ ස්ථානය පරණ ටී එස්ටේට් බංගලා නැවත සැකසීමක්. හැබැයි තේ වතු බංගලාවක තියෙන අර රොමෑන්ටික් ගතිය ඒ විදියටම තියෙනවා. ඒ කියන්නේ සුවඳ හමන තේ වල ඉඳන් තේ වතු බංගලාවක හැදෙන කෑම බීම දක්වාම තේ වතු බංගලාවක තියෙන ගතිය ඒ විදිහටම තිබෙනවා. උදේට නැගිට්ටහම පේන්නේ ඈතට විහිදිලා ගියපු තේ වතු යාය හා මීදුමින් වැහුණු කඳු පන්ති.මේ වගේ සිතල පැත්තක හනිමුන් එකක් ගත කරනවා කියන්නේ පට්ට අත්දැකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

 

  1. 98 Acres Resort – බණ්ඩාරවෙල

ලෝකයේ සුන්දරම හෝටලයන්ගෙන් එකක් විදියට නම් කරලා තියෙන  98 Acres Resort එක අපි කවුරුත් දන්නා ස්ථානයක්. ඒත් සුන්දර කඳු මුදුන් වලින් වටවුණු තේ වත්තක් සමගින් ඇති 98 Acres Resort කියන්නේ ඇල්ල බණ්ඩාරවෙල ප්‍රදේශයේ. මෙය සීත දේශගුණයත් එක්ක මධුසමය ගත කරන්න කදිම ස්ථානයක්. ඒ වගේම කුරුල්ලන් බැලීම, කඳු නැගීම වගේ..වගේ දේවලුත් කරන්න පුළුවන්.ඉතින් හනිමුන් ගිහින් කදුත් නැගලා හොද අත්දැකීමක් ගන්න ඔයාලටත් පුළුවන්.

මේ ස්ථාන වලට අමතරව මේ ලංකාව වටේ තව හුගාක් ලස්සන ස්ථාන තියෙනවා හනිමුන් එකක් ගත කරන්න යන්න.ඉතින් ඔයාලා දන්නා ස්ථාන අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*