When you install WPML and add languages, you will find the flags here to change site language.

තරබාරු භාවයයෙන් මිදෙන ආකාරය. අනිවාර්යෙන් කියවලා දැන ගන්න

මෑතකදී විද්‍යාඥයන් විසින් තරබාරුව ඇතිවන ආකාර හයක් පෙන්වාදී තරබාරු භාවය ඇතිවන්නට බලපාන කරුණුත්, තරබාරු භාවය නැති කරගන්නා ආකාරයත් පෙන්වාදී තිබෙනවා.

මේ ලිපිය මගින් මා ඔබට තරබාරු භාවය ඇති වන මේ ආකාර හයත් තරබාරු භාවය නැතිකර ගන්නා ආකාරයත් පවසන්නම්.

ආහාර නිසා ඇතිවන තරබාරු භාවය “ Food Obesity ”

මේ තරබාරු භාවය ඇතිවන්නේ අධික ලෙස ආහාරත් ජලයත් පරිභෝජනය කිරීම නිසයි. මේ තත්වයේදී ශරීරයේ උඩ කොටසේ මේදය තැම්පත් වීමත් උදරයේ මේදය තැම්පත් වීමත් ඇතිවී උදරය ඉදිරියට නෙරා ආ ස්වරූපයක් ගනු ලබනවා.

මේ තරබාරු භාවය නැති කර ගන්නට නම් ඔබට කරන්න තිබෙන්නේ අධික ලෙස ආහාර අනුභවය නතර කර ආහාරයට ගන්නා සීනි ප්‍රමාණයත් අඩුකිරීම පමණයි. ඒ වගේම, සෑම දිනකම විනාඩි 30ක් පමණ ව්‍යායාම වල නිරත වන්න.

ස්නායුක උදාර තරබාරු භාවය “ Nervous Stomach Obesity ”

මානසික ආතතිය සහ කාංසාව යන කරුණු නිසා මේ තරබාරු භාවය ඇති වනවා. වැඩි වශයෙන් පැණිරස ආහාර අනුභවය සහ විශාදය වැනි තත්ව නිසාත් මේ තරබාරු භාවය ඇති වන්නට පුළුවන්.

මේ තරබාරු භාවය දුරුකරගන්නට හොඳම ක්‍රමය වන්නේ ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම මගින් මානසික ආතතිය සහ කාංසාව වැනි තත්වයන් දුරුකර ගැනීමයි.

ග්ලූටන් තරබාරු භාවය “ Gluten Obesity ”

මේ තරබාරු භාවය වැඩි වශයෙන් ඇති වන්නේ කාන්තාවන්ටයි. කාන්තාවන්ට මේ තරබාරු භාවය නව යොවුන් වියේදී, සහ ආර්තවාභාවයේදී ඇති වන්නට පුළුවන්. ඒ වගේම, මේ තත්වය හෝමෝන වල සිදුවන යම් වෙනස්කම් නිසාත් සිදුවනවා.

මේ තරබාරු භාවය නැති කරගන්න නම් එකම ස්ථානයේ දිගු වෙලාවක් වාඩිවී සිටීමෙන් වලකින්න. ඒ වගේම, දිනපතා බර එසවීම ඇතුළුව ව්‍යායාම සිදු කරන්න. දුම්පානයෙන් සහ මත්ද්‍රව්‍ය පානයෙන් වැලකි සිටින්න.

ධමනි තුල මේදය තැම්පත් වීම නිසා ඇතිවන පරිවෘත්තීය තරබාරු භාවය “ Atherogenic Metabolic Obesity ”

මේ තරබාරු භාවය නිසා පිම්බුණු බැලුමක ආකාරයේ උදරයක් ඇතිවී ශරීරයේ මේදය උදරයට එකතුවී ඇති ස්වරුපයක් ගනු ලබනවා. ඇල්කොහොල් සහිත පාන වර්ග පානය කරන පුද්ගලයින්ගේත් මෙවන් තත්වයක් ඇතිවී හුස්ම ගැනීමට පවා අපහසු තත්වයක් ඇතිවනවා.

මේ තරබාරු භාවය නැති කරගන්න නම් සෞඛ්‍යය සම්පන්න ආහාර වේලකට හුරුවී ව්‍යායාම වල නිරතවී දුම්පානයෙන් සහ මත්ද්‍රව්‍ය පානයෙන් වැලකි සිටින්න.

ශිරා තරබාරු භාවය “ Venous Obesity ”

මේ තරබාරු භාවය ශිරා හරහා රුධිර සංසරණය වීමේ දී ඇති වන තත්වයන් නිසා හට ගනු ලබන තරබාරු භාවයක්. සාමාන්‍යයෙන් මෙය ජන්ම වශයෙන් ඇතිවන තත්වයක්. මේ තරබාරු භාවය කාන්තාවකගේ ගර්භනී සමයේදී ඇතිවනවා. ඇතැම් විට පුද්ගලයින්ගේ පාද ඉදිමුණු ස්වභාවයක් ගනු ලබන්නේත් මේ තරබාරු භාවය නිසයි.

මේ පීඩාකාරී තත්වය මග හරවා ගැනීම සඳහා සුදුසුම ක්‍රියාව වන්නේ ව්‍යායාම වල නිරත වීමයි. ව්‍යායාම අතරවාරයේදී දිවීම කඳු නැගීම ආදියත් සිදුකරන්න.

ක්‍රියාශීලි නොවීම නිසා ඇතිවන තරබාරු භාවය

මෙය ශරීරයේ විවිධ කොටස් වලට ඇතිවන තරබාරු භාවයක්. මේ තරබාරු භාවයට ප්‍රධාන ලෙස සැලකෙන්නේ ශරීරය ක්‍රියාශීලි නොවීමයි. ව්‍යායාම වල නිරත නොවී ක්‍රියාශීලි නොවන පුද්ගලයින්ට මේ තරබාරු භාවය ඇති වන්නට පුළුවන්.

ඔබත් මෙම තරබාරු භාවයෙන් පීඩා විදින අයෙක් නම් ව්‍යායාම වල නිරත වන්න. ඒ වගේම, මේදය දහනය වන සෞඛ්‍යය සම්පන්න ආහාර වලට හුරුවී ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරගන්න.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*