Gossip Lanka News | නිරෝගී සමක් ඔයාටත් ඕනි නම් මේ දේවල් ටික කරන්න..

When you install WPML and add languages, you will find the flags here to change site language.

නිරෝගී සමක් ඔයාටත් ඕනි නම් මේ දේවල් ටික කරන්න..

ශ්‍රී ලංකාව කියන්නේ සමකයට ආසන්න රටක්.ඉතින් සමකාසන්නව ජීවත් වන අපිට අපේ සම නිරෝගීව සහ ප්‍රියමනාපව තබා ගැනීමට නම් ඒ පිළිබඳ ටිකක් වැඩිපුර සැලකිල්ලක් දැක්වීම අනිවාර්යයි. මොකද දැඩි හිරු රශ්මියට මෙන්ම දූවිලි වලටද නිරාවරණය වීම නිසා සමේ රෝග ඇති වීමට මෙන්ම සම අව පැහැයක් ගැනීමට ද ඉඩ ඇත. මේ සදහා උදෑසන නිවසින් එලියට බැසීමට පෙර ගැහැණු පිරිමි බේදයකින් තොරව ඔබේ සමේ ආරක්ෂාව වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් දේවල් ටිකක් තමා අද අපි ඔයාලට කියන්න යන්නේ.

මුහුණ හොදින් පිරිසිදු කර ගැනීම.

නින්දකින් පසුව මුහුණේ දකින්නට ලැබෙන තෙල් සහිත ස්වභාවය මෙන්ම රාත්‍රී කාලයට ඔබ මුහුණේ මොනවා හො ආලේපන ගල්වනවානම් ඒවා හොඳින් ඉවත් කර සම පිරිසිදු කිරීම ප්‍රථමයෙන්ම කරන්න ඕනි..ඒ සදහා ඔබේ සමට ගැලපෙන හොද face wash එකක් යොදා ගන්න පුළුවන්..මොකද තෙල් සහිත සමකට වියලි සමකට සුදුසු ෆේස් වොෂ් හරි යන්නේ නැහැ.

ප්‍රතිඔක්සිකාරක අඩංගු ආලේපනයක් භාවිතා කිරීම.

විටමින් ඒ, සී, ඊ යනාදී දෑ අඩංගු කර නිපදවා ඇති ආලේපන වෙළෙඳපොලෙන් පහසුවෙන් මිලදී ගත හැකියි. ප්‍රතිඔක්සිකාරක ආලේපන මිලදී ගැනීමේදී එහි අඩංගු අනිත් ද්‍රව්‍ය ගැනද සැලකිලිමත් වෙන්න. හිරු එළියේ අඩංගු වන අහිතකට කිරණ වලින් සම යම් තරමකට ආරක්ෂා කිරීමට මේවාට හැකියි. ආලේපන පමණක් නොවෙයි ප්‍රති ඔක්සිකාරක අඩංගු ආහාර ඒ කියන්නේ විටමින් බහුල ආහාර ගැනීමත් සමේ සෞඛ්‍යයට ඉතාම වැදගත්.හැකි නම් උදෑසන ආහාර වේලට පලතුරු එකතු කර ගන්න.

Sun Screen එකක් ආලේප කරන්න.

ප්‍රතිඔක්සිකාරක අඩංගු ආලේපනය ආලේප කර මිනිත්තු කිහිපයක් ඉක්මවූ පසු sun screen එකක් ආලේප කරන්න ඔබට පුළුවන්. හිරු එලියට එරෙහිව සැමට අමතර ආරක්ෂාවක් එයින් ලැබේවි.මේ  ආලේපන මුහුණේ පමණක් නොව බෙල්ලේ, අත්දෙකේ සහ උරහිස්වලආදී  හිරු එලියට නිරාවරණය වන ප්‍රදේශයේ වල ද ආලේප කරන්න.මොකද හිරු එළියෙන්, කුණු දූවිලි වලින් ආරක්ෂා කර ගත යුත්තේ මුහුණ පමණක් නොවෙයි.නැතිනම් ඔබට වෙන්නේ මුහුණ විතරක් සුදට තියෙද්දී  අත් පා කළුවට තියා ගන්න තමා.

කුරුලෑ අතින් පොඩි කරන්න, කඩන්නට යන්න එපා.

කුරුලෑවක් දුටු විට එය අතින් පොඩි කිරීම කෝ කැඩීම අප බොහෝ දෙනෙකු සතුව තිබෙන පුරුද්දක්. මෙය කිසිසේත්ම නොකළ යුතුයි. එයින් වන්නේ කුරුලෑ කැළැල් ඇති වීමයි. එමෙන්ම විෂබීජ ආසාදන තත්වයන්ටද එයින් මග පෑදෙනවා.කුරුලෑ අතින් පොඩි කිරීමේදී ඒවා මුහුණේ ගෑවුනොත් එම ස්ථාන වලත් කුරුලෑ හට ගන්නවා කියලා අමතක කරන්න එපා.ෆේස් පැක් එකක් හෝ ස්ක්රබ් එකක් යොදා ගෙන මුහුණේ ඇති බ්ලැක් හෙඩ්ස්,වයිට් හෙඩ්ස් ඉවත් කර ගන්න.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න

සම අවපැහැගනේවීම, වියළීම පාලනය කිරීමට ජලය ඉතාම සුදුසු ප්‍රතිකර්මයක්. උදෑසන අවදි වූ විට ජලය වීදුරුවක් පානය කිරීම ඔබේ සමට ආරක්ෂාවක් ලබා දෙනවා මෙන්ම ශරීර පද්ධතිවල ක්‍රියාකාරීත්වය යහපත්ව සිදු වීමට මග පාදනවා.මෙසේ වතුර පානය මගින් සමේ තෙතමනය රදා පැවතෙනවා.උදේට විතරක් නෙවෙයි,පුළුවන් සෑම විටම වතුර බොන එක අනිවාර්යයි.කොහොමත් සමකාසන්නව අපි ජිවත් වෙන නිසා දිනකට වතුර ලීටර් 5 -8 අතර ප්‍රමාණයක්වත් පානය කරන්න ඕනි.

හැකි නම් උදේට විනාඩි 10 ක් 15 ක් ව්‍යායාම කරන්න.

අපේ සිරුරේම අංගයක් තමා සම කියන්නේ.අපි සිරුර හරියට තබා ගත්තේ නැත්නම් කාලයත් සමග සමත් වියපත් වෙන්න පුළුවන්.ඒ නිසා උදේට පොඩි එක්සයිස් ටිකක් කරා නම් වටිනවා.සිරුර තරබාරු වන විට සම අව පැහැ වීමේ සම්භාවිතාවය වැඩියි.

ඔන්න යාලුවනේ සම පැහැපත් කර ගන්න ඔයත් දගලන කෙනෙක් නම් ආලේපන වලට මුදල් වියදම් නොකර මේ දේවල් ටික කරලා බලන්නකෝ.සම සුදු කර ගන්න කියලා බ්ලිචින් සහිත ක්‍රීම් නම් කොයිම වෙලාවකවත් යොදා ගන්න එපා.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*