Gossip Lanka News | අනාගතයේ මිනිසුන්ට කුමක් සිදුවේද?

When you install WPML and add languages, you will find the flags here to change site language.

අනාගතයේ මිනිසුන්ට කුමක් සිදුවේද?

ඔබට  “කොයි මිල්ගයා” හින්දි සිනමා පටය මතකද? ඒකේ ඉන්න කොල්ලට පිටිසක්වල ජීවියෙක්ගෙන් බලයක් ලැබෙනවා. ඊට පස්සෙ මෝඩ ළමයෙක් විදිහට ඉස්කෝලේ කිච වෙලා ඉන්න මේ ළමයා ලොකු ලොකු ගනන් හිතින් හදනවා.කොහොමද  ඒ වගේ මොළයක් තියෙන ළමයෙක්  අපිට ලැබුනොත්.

බැරි වෙන එකක් නෑ. මොකද දන්නවාද මිනිසාගේ බුද්ධියට සම්බන්ධ ජාන  තියෙනවා. ඉතින් මේ ජාන  හොයා ගෙන ඒ ජාන වැඩකරන්නේ කොහොමද කියලා හොයාගන්න ලැබුණොත් වැඩේ හරි. එතකොට ලෝකෙත් ගොඩක් වෙනස් වෙයි.  ඒක කරන්නේ මෙහෙමයි බුද්ධිමත් බවට අදාල ජාන තියෙනවානේ. ඉතින් මේ ජාන සංසේචිත ඩිම්බවලට ලබාගෙන තමන්ගේ ළමයා මීටරයක් කරන්න කවුද අකමැති.

එතකොට හොද පෙනුමත් ඒ වගේ. ලස්සනට අදාල ජාන සංසේචිත ඩිම්බවලට ලබාගෙන තමන්ගේ ළමයා මීටරයක් කරන්න කවුද අකමැති.

අයින්ස්ටයින්ගේ බුද්ධිය, ෂාරුක්ගේ, සල්මන්ගේ මුහුණුවරත්, රෝමන්ගේ වගේ ශක්තිමත් ශරීරයක් ඇති දරුවෙකු එපා කියන්නේ කවුරුන්ද. මිනිසුන් හදන්නේ තමන්ගේ ළමයාව පුළුවන් උපරිම මට්ටමකට යවන්න. ඉතින් ඒක එච්චර අමාරු දෙයකුත් නෙමෙයි. කරන්න තියෙන්නේ   අදාල ජාන සංසේචිත ඩිම්බවලට ලබාගෙන තමන්ගේ ළමයා උපරිම මට්ටමකට යවන එක.

හැබයි ඉතින් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙම හිතන්න. ඔක්කෝම මීටර් වෙලා ඩොක්ටර්ස්ලා, ඉන්ජිනේරු මහත්තයලා උනාම අපේ කම්කරු ජොබ් කරන්නේ කවුද? ඉතින් මේක ගෙන එක එක කට්ටිය එක එක මත කියනවා.

නමුත් ඒ දේටත් බය වෙන්න ඕනේ නෑ. මොකද දන්නවාද? අනාගතේ ඔය කියන විදිහට සුපිරි මීටර් සෙට් එකක් බිහි වුනොත් ඒ කට්ටිය කම්කරු වගේ ජොබ් කරන්න රොබෝලා හදාගනියි. ඉතින් රොබෝලා කම්කරු ජොබ් එක කරයි. මීටර් සෙට් එක ඔය තව කරන්න තියෙන පරීක්ෂන  එහෙම කරයි.

හැබයි මෙහෙම දේකුත් තියෙනවා ඉස්සරහට බිහිවන හොරු හෙම සුපිරි හොරු වගයක් වෙයි. ඇයි දන්නවාද? මේ කට්ටියට හොදට මොළේ තියෙනවානේ. ඒත් අව්ලක් වෙන එකක් නෑ. මොකද ඒ හොර වැඩ අල්ලන්න ඒ වගේම මොළේ තියෙන සුපිරි පොලිස් කාරයෝ වගයක් ඒ වනකොට ඉදියි.

නිකන් “ජුලයි” ෆිල්ම් එක වගේ .  එකේ හොරා වගේම හොරු අල්ලන කොල්ලත් පට්ට මීටර්.

හැබයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ ඉදිරි අනාගතයේ බිහි වෙන්නේ ලස්සන අය කියලා. එතකොට ඔක්කොම ලස්සන නිසා කවුරුත් විශේශ වන එකක් නෑ. මොකද දන්නවාද? ඔක්කොම නිකන් නළුවෝ නිළියෝ වගේනේ.

ඇයි ඉස්සරහට එන උපකරණ සුපිරි වෙයි. ඒත් ඉතින්  ඒකේ තව පැත්තකුත් තියෙනවා. මොකක්ද දන්නවාද? ඉස්සරහට එන ආයුධ  තවත් සුපිරි වෙයි. වෙන විනාශ වැඩි වෙයි.

ඩෙන්ගු, ඒඩ්ස්, දියවැඩියාව වගේ රෝග වලට ඔරොත්තූ දෙන ජාන හොයාගත්තොත් එතකොට ඊට ජාන සංසේචිත ඩිම්බවලට ලබාගනියි. එතකොට එම ළමයා එම රෝග වලින්  නිකන්ම ආරක්ෂා වෙයි.

ඇයි  සමහර විට හැම රෝගෙකටම වගේ ඔරොත්තූ දෙන ජාන හොයාගත්තොත් කොහොමට හිටියිද ? ඩොක්ටර්ස්ලා පව් කියලා තමයි මට කියන්න වෙන්නේ. මොකද දන්නවාද දැන් ඉතින් ලෙඩ හැදෙන්නේ නැති හින්දා බේත් ගන්න කවුරුත් එන්නේ නෑනේ.

කොහොම හරි  මේ ජාන ඉන්ජිනේරු තාක්ෂණ වේදය මගින් අනාගතය මත ඇති කරන බලපෑම කෙලෙස වේදැයි පැවසීමට අපට සිතාගැනීමටත් නොහැක.

මේ ගෙන ඔයාල්ගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*