When you install WPML and add languages, you will find the flags here to change site language.

එන්ජිමක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය දුටුවොත් ඔබ පුදුම වේවි.

සිව් පහර ජ්වලන එන්ජිම

සිව් පහර පුලිගු ජ්වල එන්ජිමක් මූලික වශයෙන් කොටස් 3 කින් සමන්විත වේ. එනම්,

1 සිලින්ඩර හිස

2 සිලින්ඩර බද

3 දගර කඳ කුටීරය සහිත තෙල් දෙන   යනුවෙනි

මීට  අමතරව එන්ජිමක ක්‍රියාවලිය සිදුකර ගනීම සදහා කාර්බියුරේටරය,  පුලිගු, පේනුව, පිස්ටනය, ඇමිනුම් අත තල්ලු දන්ඩ දගර කඳ ආදී උපාංගයන් අවශ්‍ය වේ.

සිව් පහර ජ්වලන එන්ජිමක ක්‍රියාකාරීත්වය පහර 4 කින් සමන්විත වේ. එනම් ,

1 පලමු පහර -චූෂණය

2 දෙවන පහර -සම්පීඩනය

3 තෙවන පහර- බල

4 සිව්වන පහර-පිටාරය

මෙහිදී පහරක් යනුවෙන් හදුවනු ලබන්නේ පිස්ටනය ගමන් කරන එක වාරයකි. එම වාරය පිස්ටනය ඉහල සිට පහලට ගමන් කිරීම හෝ පහල සිට ඉහලට ගමන් කිරීම ලෙස හැදින්විය හැක.

මෙම පහරවල් 4 නිම කිරීම  සදහා දඟර කඳ අංශක 720 ක් හෙවත් සම්පූර්ණ වට දෙකක් කරකැවීම සිදු වේ. අපි දැන් මෙම පහර 4 පිලිබදව වෙන වෙනම සරලව  සලකා බලමු

 

පලමු පහරචූෂණය

මෙහිදී පිස්ටනය මුදුන් සීමාවේ ඇතැයි සිතමු . දගර කදට බාහිර බලයක් ලබා දීම මගින් කැරකීමට සැලැස් වූ විට පිස්ටනය මුදුන් සීමාවේ සිට පහලට ගමන් කිරීම ආරම්භ කෙරේ. පිස්ටනය ක්‍රමානුකූලව පහලට ගමන් කරන විට පිස්ටනයට ඉහල පෙදෙසෙහි පරිමාවද

ක්‍රමානුකූලව වැඩිවීම සිදුවනු ඇත. එම නිසා මෙම කොටස තුල  බාර් 0.1 සිට 0.2 අතර ප්‍රමානයක අර්ධ රික්තයක් ඇතිවේ. මේ අවස්ථාවේදී ඇතුල් විමේ වෑල්වය විවෘත වී තිබෙන අතර පිස්ටනය පහලට ගමන් කරන විට ඇතිවන අර්ධ රික්තය හේතුවෙන් ඇතුල්වීම් වෑල්වයට සම්බන්ධ කොට තිබෙන කාබියුරේටරය හරහා වායුවගලා ඒම සිදු වේ.

එහිදී එලෙස ඇදී එන වායුව සමග ඉන්ධන කලවම් වීමද සිදුවේ.පිස්ටනය මුදුන් සීමාවේ සිට යටි සීමාව දක්වා ගමන් කිරීමේදී වායු-ඉන්ධන මිශ්‍රණය සිලින්ඩරය තුලටගලා ඒම සිදු වීමෙන් පමනක් පිස්ටනය මත පිහිටි ප්‍රදේශයට පිරෙන මෙම මිශ්‍රනයේ පරිමාව ප්‍රමානවත් නොවේ. එම නිසා සිලින්ඩරය තුලට පිරෙන මිශ්‍රනයගලා ඒමේ කාල සීමව වැඩි කර ගැනීමට පිස්ටනය මුදුන් සීමාවට පැමිනීමට අංශක ගණනාවකට පෙර වෑල්වය විවෘත වීමට ඉඩ සලසා ඇති අතර එම වෑල්වය  වැසීයාම සිදුකරනු ලබන්නේ පිස්ටනය යටි සීමාව පසුකර නැවත අංශක ගණනක් උඩු සීමාව දෙසට ගමන් කරන විටදීය .

 

දෙවන පහරසම්පීඩනය

මෙම පහරේදී පිස්ටනය යටි සීමාවේ සිඅට ඉහලට ගමන් කිරීම සිදුවනු ඇත . පිස්ටනය ඉහලට ගමන් කිරීමත් සමග සිලින්ඩරය තුලටගලා එන මිශ්‍රනය සම්පීඩනය වීමට පටන් ගැනේ. එයට හේතු වනුයේ පිස්ටනය ඉහලට ගමන් කිරීමත් සමගම ඉන්ධන-වායු මිශ්‍රනය පිරී පවතින කොටසේ පරිමාව ක්‍රමයෙ අඩු වීමයි. පිස්ටනය ඉහලට ගමන් කර මද දුරක් පැමිනීමේදී චූෂණ වෑල්වය වැසී පවතී. එම වෑලවය වැසීමත් සමග මිශ්‍රනය සම්පීඩන සිලින්ඩරය තුල නියම පරිමාවෙන් 1/6 ක සිට 1/10 ක අතර තුර ප්‍රමානයකට මෙම ඉන්ධන මිශ්‍රනය සම්පී

ඩනය කිරීමෙන් පසු පිස්ටනය මත පවතින පරිමාව සම්පීඩන අනුපාතය ලෙස හදුන්වයි.

මෙම සම්පීඩනය සිදුවන අවස්තාවේදී සිලින්ඩරය තුල උශ්ණත්වය ඉහල යාම සෙල්සියස් අංශක 400 ත් 500  ත් අතර සිදුවේ.

එලෙසම එහි අවසන් පීඩනය බාර් 18ක ප්‍රමානයකට ආසන්නව පවතිනු  ඇත. මෙම අවස්තාවේඩී මිශ්‍රනය ඉතාමත් හොද වායු මට්ටමක් සහිත තත්වයක් බවට පත් වී තිබීමට සිදුවනු ඇත.  මෙලෙස සම්පීඩනයට ලක්වූ මිශ්‍රනය පුලිගු පේනුවක් උපයෝගී කොට දහ

නය කිරීම සිදු කල හැක.

මිශ්‍රන පරිමාව එනම් සිලින්ඩරයේ යටි සීමාවේ සිට උඩු සීමාව දක්වා පිස්ටනය ගමන් කරන දුර කොටස් 8 කට බෙදන ලදැයි සිතමු. එම කොටස් 8 එක් කොටසක් වන  සේ තෙරපීම සිදු කල විට  ඉම් ඉලින්ඩරය තුල පිස්ටනය මත ඇති වන පීඩනයද 8 ගුනයකින් වැඩිවේ.

 

තෙවන පහරබල

දහනය වූ වායුවේ ප්‍රසාරණ අවස්තාව ලෙස මෙම අවස්තව දැක්විය හැක. එසේ එන්ජිමේ ක්‍රියාකාරී බලය නිපදවීම සිදුවන්නේද මෙමෙ පහර මගිනි.

සම්පීඩනය වූ මිශ්‍රනයට ජ්වලනය ලබා දීම සදහා උපයෝගී කර ගනු ලබන්නේ පුලිගු පේනුවකි. මෙම පුලිගු පේනුවේ ඇති ඉලෙක්ටෝඩ දෙක අතර

දහනයක් පවතින අයුරින්  පුලිගු පේනුව   සකසා ඇත. මෙම පේනුව මගින් මිශ්‍රනය ගිනි ගැනීමට සැලැස්වුය හැක.

මෙම පුලිගු පේනුව සවිකොට ඇත්තේ සිලින්ඩර හිසෙහි වන අතර මෙම පේනුවේ ඉලෙක්ට්‍රෝඩ දහන කුටීරයට සම්බන්ධ වන ලෙස සකසා ඇත.

මෙම දහනය සිදුවන විට කුටීරය තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2000 ත් 2500 ත් අතර පවතී. තවඩ මුදුන් පීඩනය බාර් 30  ත් 60 ත් අතර වේ .

 

 සිව්වන පහරපිටාරය

සිලින්ඩරයේ දහනය වූ වායුව පිටත්ට ගමන් කරන විට අධි පීඩන තරංගයක් ඇති වන නිසා අධික ශබ්දයක් ඇති වන අතර එය වැල

ක්වීම සදහා එන්ජිමෙන් පිටතට සයිලන්සරයක් සවි කරනු ලැබේ.

උණුසුම් කාලගුන තත්වයකදී පිටාර වායුව සාමාන්‍ය ලෙස පවතින තර සිසිල් කාලගුණයක

 

දී ජල වාශ්ප නිසා එමගින් සුදු දුම ඇතීවීමට හැක. කලු දුමක් සයිලන්සරයෙන් පිටතට ඒම සිදු වේ නම් වායු මිශ්‍රනය කාබියුරේටරය මගින් සරු කොට ලබා දීමක් සිදු වී ඇති බව අනුමාන කල හැක.

 

වැඩි විස්තර සඳහා පහත වීඩෙයෝව බලන්න

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*