Gossip Lanka News | ඡන්දෙත් ලඟයි බං

When you install WPML and add languages, you will find the flags here to change site language.

ඡන්දෙත් ලඟයි බං

srilanka election

ඡන්දෙත් ලඟයි බං.දැන් ලෝකු උන් ස්ටෙජ් උඩ කෑ ගහන්වා.පොඩි උන් පාරවල් දිගේ රවුම් ගහන්වා.ඇඳන් ඉන්න අදුමෙන් මිනිස්සු මනින්න බැ තමයි එත් මිනිස්සු ගැන අදහසක් ගන්න පුලුවන් මේ දවස් වල නැශනල් එකක් ඇදම් ඉන්නව නම්.වෙනදා දැකලා නැතත් හිනා වෙලා මල්ලියෙ,මාමේ,නැන්දේ කියන්වා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මනාපෙ අරගෙන ගොනාට අන්දන බුරු පුතෙක් වෙන්න පුලුවන්.ඡන්දේ ගන්නකම් උන් අපිට වදිනවා දවස් ගානක්.ඡන්දේ ගත්තට පස්සේ අපි උන්ට වදිනවා අවුරුදු ගානක්.


ඡන්දෙ ගන්න කලින් එන්නෙ පයින්.ඡන්දෙ අරන් මාසෙන් උන්ට කාර් හම්බෙන්නෙ මසෙ පඩියෙන්ද???
අපිට කරනව ගමට කරනව කිවුවට උන් උන්ටයි කර ගන්නෙ.ඡන්දෙ ඉල්ලන්නෙ කරන්නෙ දේශපාලනෙ කියලා කියන නිසා නිකම් එහෙම එකෙක් ගෙදරට ආවාම අහලා බලපන් ලංකාවට ඡන්ද බලය හම්බුනේ මොන ව්‍යවස්ථාවෙන්ද කියලා, අහලා බලපන් නීතිය කියන්නෙ මොකක්ද කියලා,.අහලා බලපන් ආණ්ඩුවකයි රාජයකයි වෙනස මොකක්ද කියලා,.උන් ගොලු වෙනව බං.දේශපාලනෙ කියන්නෙ මොකක්ද කියලාවත් නොදන්න සුමන අයියායි. සොපි අක්කයි.දුප්පතාගෙ හිතවතා කියලා ඔය අසනේට ගියත් උන් කරන්නෙත් මඩිය තර කරන් පුටු රත් කරන එක විතරයි බං.නිදහස ලැබුනු දා ඉදම් ඔය පුටුවලට ගිය උන් අපිට කරානම් දුප්පතාට කරානම්.ගමට කරානම් අපි කොතනද බං.නැග්ග ඉනිමගට පයින් අයින්න නම් අවුලක් නැතුව හැම එකාම ලස්සනට දන්නවා.දේශපලනෙ පදනමවත් නොදන්න උන් පොඩි පුටුවලට අපේ අම්මලගෙ තාත්තලාගෙ පවුල්වාදී සංස්කෘතියෙන් ගෙනාපු පුහු පක්ශවාදී සංකල්පයෙන් අරගන්න අහිංසක ඡන්දෙන් ගිහින් දවසක බලේ අතට අරන් මර්ධනෙ යොදවලා තර්ජනෙ පවිච්චි කරලා ලොකු පුටුවලට යයි.උන් තමයි බං පුටු රත් කරලා මේ රට කන්නෙ.උපාධි අරන් ඕලෙවල් වත් පාස් නැති උන්ට රස්සා හොයා ගන්න වදින්න වෙන්නෙ.මතක තියා ගනින් බං මේක, මේ පවුල් වාදී පටු දේශපලන පක්ශ සංකල්පෙන් උඹලාට ගොඩ එන්න බැරිතාක්කල් උන් දිනනවා.අපි පරදිනවා.බලපන් උඹ උඹේ ඇස් 2කෙන් අනිත් උන් පෙන්න පාර නෙමෙයි බං උඹට ඕන පාර පාට පාට කණ්නාඩි විසික් කරලා.ඇස් 2කෙන් බලපං හදවතට එකගව.

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*