Gossip Lanka News | අවදානමක් ගන්න කැමති අය වෙනුවෙන්ම ඇති බිහිසුණු ක්‍රීඩා..

When you install WPML and add languages, you will find the flags here to change site language.

අවදානමක් ගන්න කැමති අය වෙනුවෙන්ම ඇති බිහිසුණු ක්‍රීඩා..

සමහරු පොඩි කාලේ ඉදන්ම කැමතියිනේ බිහිසුණු ක්‍රීඩා කරන්න.ඉතින් අපි මේ කියන්න යන්නේ ටිකක් බිහිසුණු ක්‍රඩා කීපයක් ගැන.මේවාගෙන් බොහොමයක් ලංකාවේ නම් නැහැ.ඒ වගේම මේ වගේ දේවල් ගැන පුහුණුවක් නැත්නම් මේවා අත්හදා බලන්න එපා.මොකද මේ වගේ ක්‍රීඩා වල නිරත වෙද්දී සිද්ධ වෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණය වැඩියිනේ.01.බේස් ජම්පින් (BASE Jumping)

බේස් ජම්පින් කියන්නේ ඉහලින් රැහැන් ආධාරකයක් නොමැතිව පැරෂුටයක් පමණක් පැළඳගෙන පැනීමේ ක්‍රීඩාවක්. මෙහිදී බේස් එහෙමත් නැතිනම් B A S E නමැති අකුරු හතරින් කියවෙන්නේ එම පැරෂුට භාවිතා කරමින් පනින්නට හැකි ස්ථාන 4 පිලිබඳ ගැනයි.. ඒවා නම් ගොඩනැගිළි (Buildings), රේඩියෝ කුළුණු (Antennas), ඉහල ආරුක්කු සහිත පාලම් (Spans, Bridges) සහ කඳු ප්‍රපාත වැනි පොළෝ තලයේ භූගෝලීය වෙනස්කම් සහිත ස්ථානයි (Earth cliffs).

02.ස්කයි ඩයිවින් (Skydiving)

ස්කයි ඩයිවින් එහෙම නැතිනම් පැරෂුටින් කියන්නේ මුලදී මිලිටරි සාමාජිකයින් විසින් පුරුදු පුහුණු කල ක්‍රියාවක්. පසුව කාලය ගතවෙනකොට මෙය ක්‍රීඩාවක් බවට පත් වුනා. අහසේ යම් සුළං වේගයක් යටතේදී ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ බර සමබර කරගෙන පාවීම තමයි මෙයින් කෙරෙන්නේ. ගුවන් යානයකින් මීටර 3000ත් 5000ත් අතර අහසේදී පිටතට පැන, පැයට කි.මී. 120ක් පමණ වෙන වේගයෙන් ගලන සුළං ඝර්ෂණයට මුහුණ දෙමින් අහසේ පාවීම සිදු කෙරෙනවා. එහි දී පැරෂුටය දිගහැරිය යුත්තේ අඩි 2500 ක සිටයි.බොහොම පහසුවෙන් මේ වැඩේ කිව්වට අපි හරියට ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන්නේ නැතිවුනොත් ඉතාම භයානක අනතුරුවලට මුහුණ පාන්නට තියන ඉඩ වැඩියි.

03.වයිට් වෝටර් රාෆ්ටින් (White Water Rafting)

රාෆ්ටින් ගැන නම් ලංකාවේ කට්ටිය දන්නවා.නමුත් රාෆ්ටින් සහ වයිට් වෝටර් රාෆ්ටින් කියන්නේ දෙකක්. රාෆ්ටින් යනු වේගවත් පැතලි ජලතලයක් මත කරන වායු බෝට්ටු පැදගෙන යාමක් වන අතර වයිට් වෝටර් රාෆ්ටින් යනු ප්‍රචණ්ඩව ගලාගෙන යන බාධක සහිත ජලතලයක කණ්ඩායමක් විසින් වායුබෝට්ටුවක් පැද තරණය කිරීමක් වෙනවා. මේ නිසා රාෆ්ටින් එකකට වඩා වයිට් වෝටර් රාෆ්ටින් වල  අවදානම් බව හා අනතුරු වලට ලක් වීමේ ප්‍රමාණයත් වැඩියි.රාෆ්ටින් වලට වඩා වයිට් වෝටර් රාෆ්ටින් සඳහා එක බෝට්ටුවක කණ්ඩායම් ගතවෙන ප්‍රමාණය ටිකක් වැඩියි. ඒ ප්‍රමාණය 5 සිට 7 දක්වා වෙන්නට ඉඩ තිබෙනවා. ලංකාවේ මේ ක්‍රීඩාව කරන ප්‍රදේශ අතර කිතුල්ගල ප්‍රධාන ස්ථානයක් උසුලනවා.

04.වෝටර්ෆෝල් රැපෙලින් (Waterfall Rappelling)

දිය ඇළි දෙස බලාසිටීම අපි හැමෝම ආසයි. ඒත් දිය ඇල්ලක ඉහල සිට පහලට බැසීම වගේ දෙයක් කරන්න අපි කවදාවත් හිතලා නැහැ. නමුත් මේ ක්‍රමවේදය ක්‍රීඩාවක් ලෙසට වර්තමානයේදී  ලංකාවෙත් සිදු කරනවා.නියමිත සවිශක්තියෙන් යුතු කඹ යොදාගෙන වෘත්තීයමය උපදේශන සහිතව කල යුතු මේ ක්‍රීඩාව බොහොම බියකරු අත්දැකීමක් බව නම් අනිවාර්යෙන්ම කියන්න ඕනි. ලිස්සන මතුපිටක් දිගේ  දිය ඇල්ලේ  පහලට බැසීම හරිම අසීරු ක්‍රියාවක්.

05.ෆ්‍රී සොලෝ ක්ලයිම්බින් (Free Solo Climbing)

 

රොක් ක්ලයිම්බින් කියන්නේ කුමක්ද කියලා අපි හැමෝම දන්නවා. ඒ දේ කරන්නේ බොහොම ආරක්ෂා සහිතව කියලත් අපි දන්නවානේ. ලංකාවෙත් රොක් ක්ලයිම්බින් සිදු කරනවානේ. නමුත් ෆ්‍රී සොලෝ ක්ලයිම්බින් වලදී අර ඉහතින් කියපු ක්‍රීඩාවේ ආරක්ෂාව කියන කොටස ඉවත් කරලා කිසිදු රැහැනක් හෝ ආරක්ෂාවක් නොමැතිව දෑතේ සහ දෙපයේ ශක්තියෙන් පමණක් යම් කන්දක්, ගොඩනැගිල්ලක්, කණුවක් නැගීම තමයි. මෙය කිසිවිටෙකත් වෘත්තිමය කඳු නගින්නන් අනුමත නොකලත් මෙය කරන අය බොහෝ දෙනෙක් සිටිනවා.කොහොම වුනත් මේ දේදී නම් ජීවිතය ගැන කිසිම වගකීමක් ගන්න බැහැ.ඇලෙක්ස් හොනොල්ඩ් කියන්නේ මේ ක්ෂේත්‍රයේ සිටින ලාබාලතම වගේම වඩාත් අත්දැකීම් සහිත කඳු නගින්නා වෙනවා.

ඉතින් යාලුවනේ මොකද හිතන්නේ මේ භයානක ක්‍රීඩා ගැන.කොහොම වුනත් පළපුරුද්දක් නැතිව මේ ක්‍රීඩා වල නිරත වන එක නම් එච්චර හොද නැහැ.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*