Gossip Lanka News | සංවේදි අය බලන්න එපා..!මස් කරන්න රැගෙන ගිය කිරි අම්මාවරුන් 11 දෙනෙකු එකම තැන මියගිය හැටි

When you install WPML and add languages, you will find the flags here to change site language.

සංවේදි අය බලන්න එපා..!මස් කරන්න රැගෙන ගිය කිරි අම්මාවරුන් 11 දෙනෙකු එකම තැන මියගිය හැටි

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ඝාතනය කිරීම සඳහා හරකුන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද කොහොලන්වල ප්‍රදේශයේදී අද (01) දින අලුයම අනතුරට ලක්ව ලොරි රථයේ සිටි එළ ගවයින් 38 දෙනෙකු ගෙන් එකොළොස් දෙනෙකු මියගොස් අනෙකුත් සතුන් දැඩි ලෙස තුවාල වී අසාධ්‍ය තත්වයේ පසුවෙද්දී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත .

මෙම අනතුර පිළිබඳව ප්‍රදේශවාසින් මාතලේ මහවෙල පොලිසිය දැනුම් දී තිබේ. අද දින අලුයම 5.30 ට පමණ දඹුල්ල දෙසින් මාතලේ දෙසට හරක් පැටවූ මෙම ලොරි රථය අධික වේගයෙන් ගමන් කරද්දී කොහොලන්වල යුද හමුදා කඳවුර ඉදිරිපිට දී මෙසේ අනතුරට ලක්ව තිබේ.

අළුයම් කාලයේ ප්‍රදේශවාසීන් සිද්ධිය දැක මහවෙල පොලිසියට දැනුම්දුන් බව කියති. එහෙත් පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ප්‍රදේශවාසියකු කියා සිටියේ දහවල් වනතුරුත් පොලිසිය මෙම සතුන් බේරා ගැනීමට මැදිහත් නොවූ නිසා තමන් ජනාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ පිළිබඳව දැනුම් දුන් බවයි .

ඉන්පසුව මහවෙල පොලිසිය එම ස්ථානයට පැමිණ යුද හමුදා සෙබළුන්ගේ සහයෝගය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ලොරි රථයේ සිරවී සිටි සහ මියගිය හරකුන් මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*