Gossip Lanka News | මළවුන් සමග සන්නිවේදනය කල හැකිද?

When you install WPML and add languages, you will find the flags here to change site language.

මළවුන් සමග සන්නිවේදනය කල හැකිද?

“ෂා.. මරුනේ…. ඔයාද මේවා ලිව්වේ” තමාට ලැබුණු සංගීත සටහන් දෙස බලමින් ප්රසිද්ධ සංගීතඥයා පැවසීය.
“ නෑ … මට එච්ච්ර දැනුමක් නෑ මහත්තයෝ ඕක ලිව්වේ බීතෝවන්” රොස්මරි පැවසුවාය.
ප්රසිද්ධ සංගීතඥයාගේ උගුර කට වේලූනි. මක් නිසාද යත් බීතෝවන් නැමැති මහා සංගීතඥයා ජීවත් වූයේ මීට වසර ගණනාවකට පෙරය.

ඇය නමින් රොස්මරි බ්රවුන් විය. ඇයට සංගීතය පිළිබද මහා දැනුමක් තිබුනේ නැත. නමුත් ඇය ලියු සංගීත සටහන් ….. එවානම් කිසිදු මහා සංගීතඥයෙකුගේ විය යුතුය.
රොස්මරි කිසිදු විටක සංගීතයට ඇල්මක් තිබුණු අයෙක් නොවීය. ඇයගේ සැමියාද මිය ගිය පසුව ඇය කණගාටුවෙන් පසු විය. මේ අතර දිනක් රොස්මරි එක්තරා සංගීතඥයෙකුගේ පින්තූරයක් දුටුවාය. ඇයට අමුත්තක් දැනුනි. ඇය විමසිල්ලෙන් එම පින්තූරය දෙස බලා සිටියාය.
එම පින්තූරයේ සිටි සංගීතඥයාගේ නම ෆ්රාන්ස් ලිස්ට් විය. ඔහු ජීවත්ව සිටියේ බොහෝ කලකට පෙරය. මේ අතර රොස්මරීට තමන්ට කවුරුන් හෝ කතා කරනවා ඇසුණේය. ඒ ෆ්රාන්ස් ලිස්ට්ගේ අවතාරය බව ඇයට තේරුම් ගියාය.

ඇය සංගීත සටහන් ලිවීමට පටන් ගත්තේ ඉන් අනතුරුවය. ඉන් අනතුරුව ෆ්රාන්ස් ලිස්ට් පමණක් නොවේ මරණයට පත් වූ මහා සංගීතඥ බීතොවන්ද ඇය සමග සම්බන්ධ විය. ඇය සංගීත සටහන් ලියුවේ මලවුන් සමග සම්බන්ධ වෙමිනි.

රොස්මරි තමා ලියූ සංගීත සටහන් එවකට ජීවත් වන මහා සංගීතඥයන් හට ලබා දූනේය. ඔවුන් සෑම දෙනෙක්ම පුදුම වූ කාරණයක් විය. එනම් සංගීතය පිළිබදව අල්ප දැනුමක් තිබූ මේ තැනැත්තිය මෙතරම් අගනා සංගීත සටහන් නිර්මාණය කලේ කෙසේද යන්නය.

කෙසේ හෝ මරණයට පත් වූ සංගීතඥයන්ගේ මාර්ගයෙන් ඈ අගනා නිර්මාණ රාශියක් කලාය. එපමණක් නොවේ මරණයට පත් වූ බොහෝ ප්රසිද්ධ පුද්ගලයන් ඇය සමග සබදකම් පවත්වා ගත හැකි විය. ඒ අතර විද්යාඥ ඇල්බට් අයින්ස්ටයිද විය.
මෙය සිදුවීමට හැකි දෙයක්ද ? ඔබ මිනිසුන්ට මළවුන් ආවේශ වනවා සමහර විට දැක ඇති. මළවුන් සමග සම්බන්ධ වී සාස්තර කියන අය ගෙන ඔබ අසා ඇති බවට සැකයක් නෑ.
මානසික වෛද්යවරුන් පවසන්නේ මෙය මානසික රෝගයක් බවය. මානසික රෝගද තිබෙන්නට පුළුවන්ද? නමුත් එවැනි සියළුම සිදුවීම් මානසික රෝග ගනයට දැමිය හැකිද ? මේ අතර මැතිව් නැමැති තැනැත්තියක් පැබ්ලෝ පිකාසෝගේ මරණයෙන් අනතුරුව පැබ්ලෝ පිකාසෝව මළවුන් මගින් ආවේශ කරවා ගෙන සිතුවම් ඇන්දාය .

ලංකාවේද එවැනි මළවුන් ගෙන්වා සාස්තර කියනා තැන් බොහෝමයක් ඇත. බොහෝ මිනිසුන් එවැනි තැන් වලට යන්නේ ඒවායේද යම් කිසි ඇත්තක් ඇති නිසාය. එසේ නොමැතිනම් එවා වලට මෙතරම් ජනතා ආකර්ෂනයක් ඇති නොවීමට ඉඩ තිබුණි. කෙසේ හෝ මේ සදහා විද්‍යාත්මක පැහැදිලි කිරීම් නොමැත. කෙසේ හෝ මතක තබා ගත යුතු එක්තරා වැදගත් කරුණක්නම් විද්‍යාවට හසු වී ඇත්තේ සමහර පැතිකඩයන් පමණි. විද්යාවට හසු නොවූ ඕනෑ තරම් පැතිකඩයන් ඇත. එම නිසා විද්‍යාත්මක මතවාදද අන්ධ භක්තියෙන් පිළිගත යුතු නැත. මක් නිසාද යත් විද්‍යාව අද කියන්නේ එකකි. හෙට කියන්නේ තවත් දෙයකි.

හොදම උදාහරණයනම් අභ්‍යාවකාශයයි. අභ්‍යාවකාශය පුරා ඊතර් නම් දෙයක් ඇතැයි මුලින් විද්යාඥයෝ පැවසූහ. එසේ පැවසුවේ ආලෝකය තරංගයක් වීම නිසා එය ගමන් කිරීමට මාද්යක් අවශ්යයැයි සිතූ නිසාය. කෙසේ හෝ ආලෝකය ගමන් කිරීමට මාද්යක් අවශ්ය නැතැයි සොයාගත් විට ඊතර් සංකල්පය දිය වී ගියේය. දැන් ඇත්තේ රික්තයකි. කෙසේ වෙතත් දැන් එයද වෙනස් වෙමි යයි. මක් නිසාද යත් රික්තයක් තුල අංශු ඇතිවෙමින් නැතිවෙමින් පවතින බව සමහර විද්යාඥයෝ පවසයි.

මේ වගේ ඔයාලා දන්න දේවලුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*