Gossip Lanka News | සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

When you install WPML and add languages, you will find the flags here to change site language.

සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

” ජීවීතේ කියන්නේ සල්ලි නෙමෙයි. සල්ලි වලට හැමදේම කරන්න බෑ” යුවතියක් මට පැවසුවාය. මම එදින එයට මුකුත් නොකියා හිස සැලීය. නමුත් මට අද දින  එක් දෙයක් ඉතා හොදින් පැහැදිලි වී ඇත. ඇය පැවසුවේ මහම මහ ගොන් කතාවකි.

සල්ලි යනු දෙවියන්ය. සල්ලි වලට සියල්ල කර නොහැක. නමුත් සල්ලි වලට බොහෝ දේ කල හැක.

” සල්ලි  කන්නද?” තවත් අය අසති. එහෙත් ප්‍රශ්නය ඇත්තේ සල්ලි නැත්නම් කන්නේ කෙසේද කියාය.

පෝසත් අය කාර් වල යති. දුප්පත් කෙනා බස් වල යති. දුප්පත් කොල්ලා බූට් කයි. පෝසත් කොල්ලා බූට් දෙයි. අහිංසක දුප්පත් කොල්ලන්ට ලොකු ලයින් පෙන්නන නංගිලා සල්ලි කොල ඉදිරියේ ලස්සනට නැමෙයි.(සියලු දෙනා නොවේ)

සල්ලි ඇත්නම් වයසට ගියත් තරුණය. ඔවුන් විවිධ ශල්‍යකර්ම කර ගනිති. උදාහරණ වශයෙන් බොලිවුඩයේ නළුවන් හා නිළියන් පෙන්විය හැක.ඔවුන්ගේ වයස බොහෝ වැඩි වුවත් ඔවුන් තාම කොල්ලන් හා කෙල්ලන් මෙන්ය.

නිකමට හිතන්න. සල්ලි නැත්නම් සමාජයවත් ඔබට සලකනවාද? නැත. ගුණයහපත් කම වලට ගරු කරන සමාජයක් තිබුණේ ඉස්සරය. ඒවා සුරංගනා කතාය. ( හොද අයත් අතරින් පතර සිටිති.)

අප අනිවාර්යෙන් සල්ලි සෙවිය යුතුය. නැත්නම් අපට සමාජයේ තැනක් නැත.

අපේ රටේ බොහෝ අයට සල්ලි සොයන්න බැරි ඇයි. එකක්නම් ජ්‍යෝතිශ්ශාස්ත්‍රයයි. අපේ මිනිසුන්  තර්කානු කූල බවින් තොරවම මෝඩ කතා විශ්වාස කරයි. සමහර විට ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ඇත්ත විය හැක. නමුත් අපගේ කේන්ද්‍රය තුල සෙනසුරු රාහු තිබුණා කියා අප පරාජය බාර ගත යුතුද?

අපට පරාජය බාර ගත නොහැක. සමහර විටෙක අප කරන වෑයම පරාජය විය හැක. දිනීමේ සම්භාවිතාව දශමයක් විය හැක. නමුත් අප උත්සහ නොකලොත් ඒ දශමයවත් අපට නැත.

සමහරු සල්ලි ලැබෙනවනම් බල්ලොත් මරයි.ඒ සිතිවිල්ල ඇති අය සල්ලි හෙව්වත් රදා පැවැත්මක් නැත. අප සල්ලි සෙවිය යුත්තේ සාධාරණවය. නොකළ යුතු වෙළදාම් 5 ක් බුදුරජාණන්වහන්සේ අපට පෙන්වා ඇත. එමෙන්ම මී කුණක් මාර්ගයෙන් කෝටිපතියෙකු වන කතාවක් ජාතක පොත් වහන්සේ තුල ඇත.

සමහරුන්ට සල්ලි හෙවීමේ උවමනාවක් නැත. එයට “මොරාල්” එක තිබිය යුතුය. එනම් උද්‍යෝගය තිබිය යුතුය. සමහරුන්ට මේ මොරාල් එක බූට් එකක් කෑවම එයි. එසේ බූට්නම් වැදුනාටද කම් නැත.

තවත් සමහරු කොපමණ හැකියාව තිබුනත් ඒ හැකියාවන්ගෙන් ප්‍රයෝජන නොගනි. ඔවුන් කවුරුන් හෝ ළග වැටී වහලෙක් මෙන් වැඩ කරයි. නමුත් ඔවුන් සතුව ආත්ම විශ්වාය නැති හෙයින් තමාගේ දක්ශතාවය ගෙන විශ්වාස නොකරයි.

කෙටියෙන්ම පැවසුවහොත් ජොබ් එකක් කර ඉහලම තැනකට ගිය අයෙක් පෙන්වන්න. ඇත. ඒ අතලොස්සකි. බොහො දෙනා යම්තමින් ජීවිත ගැටගසා ගන්නවා පමණි.

අනෙක්  එක ඉතුරුවයි. අනිවාර්යෙන් ඉතුරු කල යුතුය.  එහෙත් අප අනිවාර්යෙන් ආයෝජනද කල යුතුය.  බුදුරජාණන්වහන්සේගේ දේශනාවකද මේ ගෙන සදහන්ව ඇත.

එහෙත් කෙදිනකවත් සල්ලි හොයන්නට කියා ප්‍රතිපත්ති කඩ නොකල යුතුය. ඊට හේතුව දියුණු වූ සෑම දෙනාම යම් කිසි හෝ ප්‍රතිපත්ති ගරුක වීමය.

දියුණු වීමට සමහර නීති කැඩිය යුතුයි කියා ප්‍රසිද්ධ නළු ආර්නෝල්ඩ් පවසා ඇත. එහෙත් ඒ පවසා ඇත්තේ ප්‍රතිපත්ති ගෙන නොවේ. රජයේ නීති ගෙනද නොවේ. උදාහරණයක් මෙම කතාවෙන් පෙන්විය හැක.

එක්තරා කාලයක වෙළෙන්දෝ දෙදෙනෙක් සිටියහ. ඔවුන් දෙදෙනා වෙළදාම් කලේ හණමිටිය. කාලයක් ඇවෑමෙන් එක් අයෙකු වෙනස් වෙනස් දේවල් විකුණු අතර අනෙකා හණමිටිම විකුණුවේය. අවසානයේදි වෙනස් දේවල් විකිණු වෙළෙන්දා පෝසත් වී තිබු අතර හණමිටි විකුණු වෙළෙන්දා එසේම විය.

“හණමිටි අදහස් ඔළුවේ තබා ගෙන ඉන්නා” ප්‍රස්ථාපිරුල සෑදුනේ මේ කතාවෙනි. එය ප්‍රසිද්ධ නීති කැඩීමකි.

අනික් එකනම් මොලෙන් වැඩ නොකිරීමයි. බිස්නස් කිරීමට හෝ සමාජයේ ජීවත් වීමට මොලය පාවිච්චි කිරීම අනිවාර්යය.

“උත්සහ වන්තයා ජය ගනී.” මෙම කතාව සත්‍යනම් වැඩියෙන්ම පෝසත් විය යුත්තේ කම්කරුවන්ය. කතාව මෙසේ නිවැරදි විය යුතුය.

” මොලේ ඇතිව උත්සහයෙන් වැඩ කරන්නා ජය ගනී”

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*