When you install WPML and add languages, you will find the flags here to change site language.

චමරි බිග්බෑෂ් නිසා වාර්තා අතරට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග්බෑෂ් ලීග ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව ලැබූ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව බවට චමරි අතපත්තු පත්ව සිටින්නීය. එ මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායම චමරි අතපත්තු සමග ගිවිසුම්ගතවීමත් සමගිනි.
මේ වසරේ පැවැති කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ චමරි මීට ඉහතදී ඒංගලන්ත කාන්තා විස්සයි20 ලීග තරගාවලියේදී යෝක්ෂයර් ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කළාය.
ඒ ශ්‍රී ලංකාවෙන් විදෙස් කාන්තා විස්සයි20 ලීග තරගාවලියට ක්‍රිඩා කිරීමට අවස්ථාව ලැබූ පළමු හා එකම ක්‍රීඩිකාව බවට වාර්තා අතරට එක්වෙමිනි.
ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින්ද චමරි සම්මානයට පාත්‍ර වූවාය. කාන්තා බිග්බෑෂ් ලීග තරගාවලිය දෙසැම්බර් 9 දා ආරම්භවීමට නියමිතය.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*