ලෝක ක්රිකට් පිටියේ විනෝදකාමීම ක්රීඩකයෝ ඉන්නේ බටහිර ඉන්දිය කොදෙව්වේ කියලා හැමෝම පිළිගන්න කාරණාවක්.කොයි වෙල්ත් නැටුමට ගැයුමට බර කොදෙව් ක්රීඩකයන්ට ලොව පුරා බොහෝ ක්රිකට් ලෝලී රසිකයින් ආදරය කරනවා.හැබැයි ඉතිං නැටුමට ගැයුමට ආතල් ගන්න වගේමයි ඕන වලියකට සේට් වෙන්නත් කොදෙව් ක්රීඩකයෝ දෙපාරක් හිතන්නේ නෑ…
මේ දවස් වල පැවැත්වෙන කැරිබියන් ප්රිමියර් ලීග් තරඟාවලියේදීත් ඒ වගේ අපූරු සිදුවීමක් වුණා.ඒ අපේ සංගා නායකත්වය දරන ජැමයිකා තලයිවාස් කණ්ඩායම හා ගයනා එමේසන් කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයකදී.සංගාගේ පිලේ ඉන්න කේස්රික් විලියම්ස් කියන පන්දු යවන්නා සහ ගයනා කණ්ඩායමේ චැඩ්වික් වොල්ටන් කියන ක්රීඩකයා අතර තමයි මේ සිදුවීම වෙන්නේ.
මේ සිදුවීමට මූලික හේතුව වෙලා තිබුණේ මින් පෙර පැවැත්වුණු තරඟයකදි කෙස්රික් විලියම්ස්, චැඩ්වික් වෝල්ටන්ව දවාගත්තට පස්සේ එය සමරපු ආකාරය.ඒ තරඟයේදී කේසරික් විලියම්ස්ගේ පන්දුවකට චැඩ්වික් වෝලටන් දැවී යනවා.පස්සේ චැඩ්වික් වොල්ටන් ළඟට යන විලියම්ස් පොතක පිටුවක් කඩා දෙන්නාක් මෙන් අමුතුම ආකාරයට තමන්ගේ සතුට සමරනවා.චැඩ්වික් මුකුත්ම නොකියා ඒ වෙලේ ක්රීඩාගාරයට යනවා.
ඉන්පස්සේ පසුගියදා පැවැත්වුණු තරඟයකදි තමයි ආයෙත් මේ වලිය ආයෙත් පටන් ගත්නේ.මේ තරඟයේදි මුලින්ම පන්දුවට පහර දීපු සංගාගේ පිල ලකුණු 150ක් ලබාගන්නවා.ඉන්පස්සේ පිටියට ආපු ගයනා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පන්දුවාර 3කදී ලකුණු 45ක් රැස් කරනවා.
හතරවන පන්දුවාරය ක්රියාත්මක කරන්නේ සංගාගේ පිලේ කෙසේරික් විලියම්ස්.ඒ වෙලාවේ පන්දුවට පහර දෙන්නේ චැඩ්වික් වොල්ටන්.විලියම්ස් දාන පළමු පන්දුවටම චැඩ්වික් හතරේ පහරක් ලබාගන්නවා.ඉන් පස්සේ තමන්ට එදා කරපු දේට පළිය ගන්න වගේ චැඩ්වික් පිත්ත අතට අරන් විලියම්ස් එදා හැසිරුණු විදියටම දේම කරනවා.හැබැයි මේක මෙතනින් ඉවර වුණේ නෑ.
කේසිරික්ගේ මේ ඕවරයට චැඩ්වික් ලකුණු 18ක් රැස් කරන්නේ හතරේ පහර තුනක් සහ එක් හයේ පහරක් සමගින්. ඒ හතරේ පහරක් හයේ පහරක් ගහන සෑම මොහොතකම චැඩ්වික් අර විදියට පොතක පිටු කඩා දමාන්නක් මෙන් සිය සතුට සමරනවා .චැඩ්වික් මේ විදියට හයේ පහරවල් හතරේ පහරවල් ගැහුවොත් පොතේ පිටු ඉවරවෙයි කියලත් විචාරකයෝ ඒ වෙලාවේ විහිලුවට වගේ කියනවා.කඩුල්ල පිටිපස්සේ ඉන්න සංගා මේ හැමදේම දිහා මුකුත් නොකියා බලන් ඉන්නවා.තරඟයේ දසවන පන්දුවාරයේදීත් මේ දේම වෙනවා.
මේ සිදුවීම විචාරකයන්ට විතරක් නෙමෙයි බලන් හිටපු ප්රෙක්ෂකයන්ටත් ලොකු විනෝදයක් වුණා.ක්රිකට් ක්රීඩාවේ ‘පලිය‘ ගත් අපූරු අවස්ථාවක් කියලයි විචාරකයන් මේ ගැන කිව්වේ.පුංචි වලියක් වුණත් මේ වගේ සිදුවීම් ක්රිකට් ක්රීඩාවට අපූරු චමත්කාරයක් එක්කරනවා කියලයි මේ සිදුවීම නරඹපු බොහෝ ක්රිකට් රසිකයන්ගේ අදහස වෙලා තියෙන්නේ.
එම සිදුවීම පහතින් නරඹන්න