When you install WPML and add languages, you will find the flags here to change site language.

රාජිතගෙන් බිල් ගේට්ස් සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු එක පැයක් ඉල්ලයි!

ලෝ ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු බිල් ගේට්ස් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන්.
ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය. බිල් ගේට්ස්ට බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහා මෙම හමුව පැවැත්වෙනු ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාළ‍යෙන් පැයක කාලයක් ද බිල් ගේට්ස්ට වෙන් කර ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා ද සහභාගීවීමට නියමිත බව එම වාර්තාවේ සදහන් ය.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*