Gossip Lanka News | ඔබේ සුන්දරත්වය නැති කරන වැරදි පුරුදු

When you install WPML and add languages, you will find the flags here to change site language.

ඔබේ සුන්දරත්වය නැති කරන වැරදි පුරුදු

හැමෝම ආසයි ලස්සනට ඉන්න.එත් අපි නොදැනුවත්වම කරන වැරදි වලින්ම අපේ සුන්දරත්වය විනාශ වෙනවා කියලා ඔබ දැනන් හිටියාද?අද අපි ඔයාලට කියන්න යන්නේ ඔබේ සුන්දරත්වය නැති කරන වැරදි පුරුදු කීපයක් ගැන.

01.සන් ක්‍රීම් මුහුණේ පමණක් ආලේප කරන්න එපා.
අපි සාමාන්‍යයෙන් කොහේ හරි ගමනක් යද්දී හිරු එළියෙන් සම ආරක්ෂා කර ගන්න ඕනි නිසා සන් ක්‍රීම් ආලේප කරනවා.එත් අපි හුගාක් දෙනා සන් ක්‍රීම් ආලේප කරන්නේ මුහුණට විතරයි.නමුත් ඒක එච්චර හොද දෙයක් නම් නෙවෙයි.අපි ගමනක් යද්දී අනිවාර්යෙන්ම මුහුණට විතරක් නෙවෙයි,අත් කකුල් වලටත් සන් ක්‍රීම් ආලේප කිරීම අනිවාර්යයි.

02.නාපු ගමන් කොණ්ඩය පීරන්න එපා.
කොයිම වෙලාවකවත් නාපු ගමන් කොන්ඩේ පිරන්න එපා.තෙත පිටින් කොණ්ඩය පිරීම නිසා කෙස් අග පැලෙනවා වගේම කොණ්ඩය ගැලවී යන්නත් පුළුවන්.ඒ නිසා නාලා කොන්ඩේ පීරන්න කලින් තුවායකින් කොණ්ඩය තෙත මාත්තු කරන්න අමතක කරන්න එපා.

03.කකුලක් පිට කකුලක් දාලා ඉඳ ගන්න එපා.
රුධිරවාහිනී සංකෝචනයට හා සංසරණයට පාද වල නහර සෘජුවම බලපෑම් කරන අතර කකුලක් පිට කකුලක් දමා වාඩි වීමෙන් කාන්තාවන්ගේ යෝනි ප්‍රදේශයේ රුධිර සංසරණයට බාධා වේ.

04.නිතර නිතර මුහුණ අල්ලන්න එපා.
හුගක් දෙනෙක් නිතර නිතර මුහුණ අල්ලන්න පුරුදු වෙලා තියෙනවා.අපිරිසිදු දෑත් වලින් සම ඇල්ලීමෙන් සම ආසාදනය වී කුරුලෑ වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්.ඒ වගේම මේ නිසා සම ඉක්මනින් රැලි වැටෙන්නත් පුළුවන්.

05.මුහුණේ ඕනිවට වඩා ක්‍රීම් පවුඩර් ගාන්න එපා.
මුහුණේ ඕනිවට වඩා පවුඩර් ගෑමෙන් සමේ ඇති සියුම් සිදුරු අවහිර කරනවා.සමේ ක්‍රීම් ත් තට්ටු ලෙස ආලේප කිරීමෙන් සමට හුස්ම ගැනීමේ හැකියාව නැති වෙලා සම ඉදිමීම,කුරුලෑ කැළැල් ඇති වීම,සම දුර්වර්ණ වීම වගේ දේවල් වෙන්න පුළුවන්.
06.කෝපය,වෛරය,ඊර්ශියාව අත් හරින්න.
සුන්දරත්වය කියන්නේ බාහිර සුන්දරත්වයම නෙවෙයි.බාහිර පෙනුම වගේම අභ්‍යන්තරයත් සුන්දර වීම වැදගත්.ඔබ කෙනෙකු සමග තරහෙන්,වෛරයෙන් සිටින්නේ නම් එවැනි අවස්ථා වල ඔබ මානසික පීඩනයකට ලක් වෙනවා.ඔබ මානසික පිඩනයට ලක් වූ විට ශරීරයේ කෝටිසෝල් නම් රසායනය නිපදවන අතර එමගින් ඔබේ සිරුරේ බර,සිනි මට්ටම,රුධිර පීඩනය …ආදිය ඉහල යන බවට 2015 වර්ෂයේ සිදු කල Journal of Behavioral Medicine අධ්‍යනයට අනුව සොයා ගෙන ඇත.ඉතින් හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්න අමතක අකරන්න එපා.

07.ප්‍රමාණය ඉක්මවා කිරි බොන්න එපා.
කිරි වල ශරීරයේ මේද නිෂ්පාදනය වැඩි කරන අතර එම නිසා ඔබේ සම තෙල් සහිත ස්වභාවයක් ගන්න පුළුවන්.ඒ වගේම ඕනිවට වඩා කිරි බිව්වොත් ඔබේ සිරුරේ ලස්සන හැඩය නැති වෙලා මහත් වෙන්නත් පුළුවන්.

08.නැවුම් එළවලු පලතුරු ආහාරයට ගන්න.
හැකි තරම් ප්‍රතිඔක්සිකාරක අඩංගු එළවලු පලතුරු අහාරයට ගැනීමෙන් ඔබේ සිරුර පැහැපත් වන සම රැලි වැටීම ආදිය නැති කර සමට තරුණ පෙනුමක් ලබා දෙනවා.

ඔන්න යාලුවනේ මේ වගේ දේවල් කරොත් ඔයාලටත් සුන්දර පෙනුමක් ලබා ගන්න පුළුවන්.අපි මේ කියපු සමහර නරක පුරුදු ඔයාලටත් තියෙනවා නම් ඒවා අත් හැර ගත්තොත් ලස්සනට ඉන්න ඒක තව දුරටත් ඔබට හීනයක් වෙන්නේ නැහැ.

2
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*