When you install WPML and add languages, you will find the flags here to change site language.

අනුෂ්කා සමඟ ඇති හුටපටය නිසා කෝලි ලංකාවට ගහන්න බෑ කියයි!

ශ්‍රී ලකාව සහ ඉන්දියාව අතර ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මස පැවැත්වෙන තරගාවලියේ තරග කිහිපයකට පෞද්ගලික හේතුවක්‌ මත විරාට්‌ කෝලි නිවාඩු ඉල්ලා තිබෙන බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියානු නායක විරාට්‌ කෝලි ලබන දෙසැම්බර් මාසයේදී අනුෂ්කා ෂර්මා සමග විවාහ ගිවිස ගැනීමට නියමිත බැවින් මෙම නිවාඩු ඉල්ලීම කර ඇතැයි ඇතැම් වාර්තා වල සඳහන් විය.තවත් වාර්තාවන් වල දැක්වුනේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඇරඹෙන ඉන්දු – දකුණු අප්‍රිකා තරඟාවලියට හොඳින් මුහුණදීම සඳහා කෝලි මෙසේ නිවාඩු ඉල්ලා ඇති බවයි.
මෙම පුවත අන්තර්ජාලයේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩිවි තුළද දැඩි කතාබහට ලක්වූ අතර ඉන්දියානු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මේ පිළිබඳ මාධ්‍යට ප්‍රකාශයක් කර තිබේ.
එහිදී එම වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ ඩ්‍රාවිඩ් සෑම ක්‍රීඩකයෙකුටම විවේකය අවශ්‍ය බවත්,කෝලිට අවශ්‍ය ඕනෑම මොහොතක එය ලබාගත හැකි බවත් සඳහන් කර තිබේ.නමුත් මේ වන විට ඔහුට එවැනි විවේකයක් අවශ්‍ය නොමැති බවත්, ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
අනුෂ්කා ෂර්මාගේ සමීපතමයන්ද මෙම වාර්තාවන් ප්‍රතික්ෂේප කර තිබුණි.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*