Gossip Lanka News | 2017 වර්ෂයේ ලෝකයේ සිදු වූ විශේෂ සිදුවීම්

When you install WPML and add languages, you will find the flags here to change site language.

2017 වර්ෂයේ ලෝකයේ සිදු වූ විශේෂ සිදුවීම්

මේ ගත වෙන්නේ 2018 වර්ෂයේ.ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ 2017 වර්ෂයේ සිදු වුන විශේෂ සිදුවීමි කීපයක් ගැනයි.බලන්නකෝ මේ දේවල් ඔයාලට මතකද කියලා.

ජනවාරි මාසය

• ඉස්තාන්බුල් නගරයේ සමාජ ශාලාවකට එල්ල කළ ප්‍රහාරයකින් තිස්නමයකට මරු කැඳ වුවා.
• ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ‍පෝට් ලවුඩඩේල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්තයේදී පස්දෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි.
• පෘතුගාල ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හැදින්වෙන එරට හිටපු ජනපති මරියෝ සෝරස් මියයයි.
• ඉරානයේ හිටපු ජනපති රෆ්සන්ජානි මියයයි.
• සඳ මත ගමන් කළ අවසන් මිනිසා වූ ජීන් සර්නන් මියයයි.
• නයිජීරියාවේ ගුවන් හමුදා ප්‍රහාරයකින් සරණාගත කඳවුරක පනස් දෙකක් මියයයි.
• ඇමෙරිකාවේ හතළිස්පස්වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිව්රුම් දෙයි. (ජනවාරි 21 )

පෙබරවාරි මාසයේදී

• ඉන්දියාව චන්ද්‍රිකා එකසිය හතරක් ගුවන් ගතකොට වාර්තාවක් තබයි.
• හොංකොං හිටපු නායකයාට මාස විස්සක සිර දඬුවමක් හිමිවෙයි.
• උතුරු කොරියානු ජනාධිපතිගේ සොහොයුරා කිම් ජෝන් නාම් මැලේසියාවේදී ඝාතනයට ලක් විය.(පෙබරවාරි 13 )
• සිරියාවේ මෝටර් රිය බෝම්බයකින් හතළිස් එකක් මියයයි.
• ලොව වැඩිම කලක් සිරගතව සිටි මාධ්‍යවේදියා ලෙස සැලකෙන උස්බෙකිස්ථානයේ මුහම්මඩ් බෙකානොව් වසර දහඅටක් සිරගතව සිට නිදහස ලබයි..
• මොසුල් වැසියන් දෙදහස් පන්සියයක් නගරයෙන් පලායති.
• ඇෆ්ගනිස්ථානයේදී තාලිබාන් සාමාජිකයන් කළ වෙඩි තැබිමකින් ‍පොලිස් නිලධාරීන් දහතුන් දෙනෙකු මියයයි.

මාර්තු මාසය

• මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට එන අනවසර සංක්‍රමණිකයන්ගේ සියයට හතළිහක අඩුවීමක් වාර්තා වෙයි.
• ගෝතමාලාවේ ළමා නිවාසයක ගින්නෙන් විසි එකක් මියයයි.
• ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබාහි කුණු කන්දක් කඩාවැටීම හේතුවෙන් ඊට යටවී හතළිස් අටදෙනෙකු මියයයි.
• සිව්දෙනකුට මරු කැඳවමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ප්‍රහාරයක් සිදුවෙයි.
• ඔස්ට්‍රේලියාවට කඩාවැදුණු ඩෙබි සුළි සුළඟින් විශාල දේපළ හානියක් සිදුවෙයි.
• තුර්කිය සිරියාවේ හමුදා ක්‍රියාකාරකම් නවත්වයි.
• රිය අනතුරකින් ටෙක්සාස් ප්‍රාන්තයේ දහතුනක් මියයයි.

අප්‍රේල්

• සිරියාවේ රසායනික අවි ප්‍රහාරයකින් දහඅටක් මියයයි.
• කාශ්මීර අතුරු මැතිවරණය අතරේ සිදුවූ අරගලවලින් හයදෙනෙකු මියයයි.
• කැලිෆෝනියාවේ පාසලක වෙඩි තැබිමකින් තිදෙනෙක් මියයයි.
• ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන් කළ බසයට ප්‍රහාරයක් එල්ල වෙයි.
• සිරියාවේ බෝම්බයක් පිපිරීමෙන් හතළිස්පහක් මියයයි.
• ලොව වයස්ගතම පුද්ගලයා වූ ඉතාලියේ එමා මොරානෝ වයස අවුරුදු 117 දී මිය යයි.
• ඇමෙරිකාවේ කැලිෆෝනියාවේදී කළු ජාතිකයකු කළ වෙඩි තැබිමකින් සුදු ජාතිකයන් තිදෙනෙක් මියයයි.
• ඕස්ට්‍රේලියාව පුරවැසිභාවය ලබාදීමේ නීති දැඩිකරයි.
• කියුබාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් අටක් මියයයි.

මැයි මාසය

• ලොව පුරා රටවල් එකසිය පනහක පරිගණක යන්ත්‍ර 200,000 කට හානි සිදුකරමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි. ( මැයි 13 )
• ප්‍රේමය වෙනුවෙන් ජපන් රජ කුමරියක් කිරුළට ඇති අයිතිය අත්හරියි.
• ඉරාන ජනපතිවරණයෙන් ජනපති හසන් රවුහානි නැවත ජය ලබයි. (මැයි 21 )
• ප්‍රංශ ජනපතිවරණයෙන් එමෑනුවෙල් මැක්රොන්ට ජය හිමිවෙයි. ( මැයි 8 )
• වෙනිසුවෙලා ජනපතිට එරෙහි විරෝධතාවලින් හතළිස්අටක් මියයයි.
• සුපිරි ගායිකා ඒරියානාගේ සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විසිදෙකක් මියයයි.
• ඇමෙරිකානු ජනපති බටහිර ඉවුරේදී පලස්තීන නායකයා හමුවෙයි.
• ඉන්දියාවේ බස් රථ අනතුරකින් විසිඑකක් මියයයි.
• ජේම්ස් බොන්ඩ් චරිතය රඟපාමින් ජනප්‍රිය වූ ප්‍රවීණ හොලිවුඩ් නළු රොජර් මුවර් මියයයි.

ජුනි මාසය

• ඉරාන පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වෙයි.
• මියන්මාරයට අයත් හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ එකසිය විසිදෙදෙනා මියයයි.
• පැරිස් දේශගුණික ගිවිසුමින් ඇමෙරිකාව ඉවත් වෙයි.
• ඉන්දියාවේ ගිනිකෙළි කම්හලක පිපිරීමකින් විසිතුනක් මියයයි.
• ප්‍රංශ මහ මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවෙයි.
• චීනය වෙනුවෙන් තායිවානය සමග සබඳතා පැනමාව අත්හරියි.
• පැනමාවේ හිටපු ජනපති ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගනියි.
• ලන්ඩනයේ ගොඩනැගිල්ලක ගින්නකින් හැත්තෑවක් මියයයි.
• චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ගම්මානයක සිදුවූ භූමිකම්පාවෙන් අනූදෙනෙක් අතුරුදහන් වෙයි.

ජුලි

• ලැව්ගිනි එකසිය අසූවක් කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රදේශයේ පැතිරෙයි.
• ඇමෙරිකාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් දහසයක් මියයයි.
• කාශ්මීරයේ සිදුකළ ප්‍රහාරයකින් හින්දු වන්දනාකරුවන් හතක් මියයයි.
• බ්‍රසීලයේ හිටපු ජනපතිට වසර නමයහමාරක සිර දඬුවමක් හිමිවෙයි.
• සෙනෙගාලයේ පාපන්දු ක්‍රීඩාංගණයක අනතුරකින් අටක් මියයයි.
• මෙක්සිකෝවේ හිටපු ආණ්ඩුකාරවරයා ගෝතමාලාවෙන් පිටුවහල් කරයි.
• ඇෆ්ගනිස්ථානයේ හත්දෙනෙක් තාලිබාන්වරුන් අතින් ඝාතනය වෙයි.

අගෝස්තු

• ඇමෙරිකාව වෙනිසුවෙලා නායකයාට සම්බාධක පනවයි.
• සමලිංගික විවාහ සඳහා ඕස්ට්‍රේලියාවේ සහයෝගය වැඩි විය.
• උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබෙයි.
• කෙන්යා මැතිවරණයේදී උහුරු කෙන්යාටා ජය ලබයි.
• චීනයේ සිචුආන් ප්‍රදේශයේ දරුණු භුමිකම්පාවකින් දහතුන් දෙනෙකු මියයයි.
• තාලිබාන් අත්අඩංගුවේ සිටි ප්‍රාණ ඇපකරුවන් දෙසිය තිස්පහක් නිදහස් කරයි.
• ඇමෙරිකාව කියුබානු තානාපති නිලධාරීන් දෙදෙනෙක් නෙරපයි.
• බර්කිනා පාසෝ රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයකින් දහහතක් මියයයි.
• සියරා ලියෝන්හි අගනුවර තුන්සියයකට මරු කැඳවමින් නායයෑමක් සිදුවෙයි.
• නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විසිහතක් මියයයි.

සැප්තැම්බර්

• මුම්බායේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිස්තුනක් මියයයි.
• හාවි සුළි සුළඟ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි විනාශයක් සිදුකරයි.
• තමාට එල්ල කරන ප්‍රහාර හමුවේ රොහින්ගියා මුස්ලිම්වරු මියන්මාරයේ සිට බංග්ලාදේශය බලා පලායයි..
• ඉර්මා සුළිකුණාටුව කැරිබියන් දුපත් වනසයි. ( සැප්තැම්බර් 15 )
• සිරියාවේ රසායනික පද්ධතියකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් එල්ල වෙයි.
• මෙක්සිකෝවට බලපෑ දරුණු භුමිකම්පාවෙන් හැටපහක් මියයයි.
• උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් නව සම්බාධක පැනවෙයි.
• සිංගප්පූරුවේදී නැව් දෙකක් ගැටී පහක් අතුරුදන් වෙයි.

ඔක්තෝබර්

• ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැති ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබිමකින් පනස්අටක් මියයයි. ( ඔක්තෝම්බර් 02 )
• ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක හාවී වෙයින්ස්ටේන්ට ලිංගික අපචාර චෝදනා එල්ල වෙයි.
• රොහින්ගියා සරණාගතයන් ගිය බෝට්ටුවක් පෙරළී දොළහක් මියයයි.
• පහළොස්දෙනකුට මරු කැඳවමින් කැලිෆෝනියාවේ ලැව්ගිනි පැතිරෙයි.
• උතුරු කොරියානු සම්බාධක උල්ලංඝනය කරන නැව්වලට එක්සත් ජාතීන් තහනම් නියෝග පනවයි.
• ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් අධිකරණයට කැඳවයි.

නොවැම්බර්

• නිව්යෝර්ක් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අටක් මියයයි.
• ඕස්ට්‍රේලියාවේ අයර්ස් රොක් නැගීම 2019 සිට තහනම් කරයි.
• ටෙක්සාස්හි දේවස්ථානයක වෙඩි තැබිමකින් විසිහයක් මියයයි. (නොවැම්බර් 06 )
• මහ රැජින ඇතුළු ධන කුවේරයන්ගේ නීතිවිරෝධී බැංකු ගිණුම් ගැන තොරතුරු හෙළිවෙයි.
• ඉරාකයෙන් සමූහ මිනීවළවල් කිහිපයක් හමුවෙයි.
• ඕස්ට්‍රේලියාවේ ජනමත විචාරණයකින් සමලිංගික විවාහයන්ට අනුමැතිය ලැබෙයි.
• ග්‍රීසියේ ගංවතුරින් පහළොවක් මියයයි.

දෙසැම්බර්

• ට්‍රම්ප්ගේ ගමන් තහනමට අධිකරණයේ සහය ලැබෙයි.
• ඇමෙරිකාව පළමුවරට ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනියි. (දෙසැම්බර් 22 )
• වෙනිසුවෙලා විපක්ෂයට ජනපතිවරණය තහනම් කරයි.
• දකුණු කැලිෆෝනියාවේ මෙතෙක් ඇති වූ දරුණුතම ලැව්ගින්න පැතිරෙයි.
• ජනප්‍රිය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කොහ්ලි සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ඉතාලියේදී විවාහ වෙයි.
• චිලී වල ගමක් නායයාමකින් වැනසෙයි.
• ඉන්දියාවේ ගුජරාතයේ මැතිවරණයෙන් පාලක පක්ෂය ජය ලබයි.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*