When you install WPML and add languages, you will find the flags here to change site language.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වැඩ වැරදෙයි ? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ හොයන්න ICCයත් ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව තිබෙන යැයි කියන දූෂණ වංචා පිළිබදව අන්තර්ජාතීක ක්‍රිකට් කවුන්සලය පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ නිළධාරීන් සිය පරීක්ෂණ සදහා දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ෂණයක් අරඹා තිබෙන තිබෙන බවයි.

මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන අයි.සි.සී. දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසන්නේ “ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකත්වය වර්ධනය කිරීම අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයේ වගකීම බවත් එම නිසා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි බව කියන දූෂණ හා වංචා පිළිබදව විමර්ෂණ ඇරඹූ බවත් ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇලෙක්ස් මාෂල් පවසා සිටියේ “ඒ දූෂණ සම්බන්ධයෙන් යම් කිසි තොරතුරු තිබේනම් අපි පරීක්ෂණ පවත්වනවා. ඒ නිසයි අපි දැන් ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කටයුතු සිදුකරන්නේ” යනුවෙනි.

 

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*