When you install WPML and add languages, you will find the flags here to change site language.

රංගනගෙන් තවත් ලෝක වාර්තාවක්! (VIDEO)

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු දිවා – රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ තරඟය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.
එහිදී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 133ක් ද, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 49ක් ද ලබා සිටියා.
මේ අතර, පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී රංගන හේරත් තැබූ තවත් වාර්තාවක් පිළිබදව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තාවක් ඉදිරිපත් කළා.
රංගන හේරත් එහිදී කඩුලු 400ක් ලබා ගත් පළමු වමත් දඟ පන්දු යවන්නා මෙන්ම පාකිස්තානයට එරෙහිව කඩුලු 100ක් ලබාගත් ප්‍රථම පන්දු යවන්නා ලෙස ද වාර්තා පොතට එක්වුණා.
ඔහු එහිදී පිහිටුවා ඇති තවත් වාර්තාවක් වන්නේ ටෙස්ට් තරඟවල අවසන් ඉනිම්වලදී කඩුලු 100ක් ලබා ගත් 4 වන පන්දු යවන්නා වීමයි.
මීට පෙර ෂේන් වෝන්, මුත්තයියා මුරලිදරන් සහ ග්ලෙන් මැග්‍රාත් එම ඉලක්කය කරා ළඟා වී ඇති අතර අඩුම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකින් එනම් තරඟ 36කින් කඩුලු 100ක් ලබා ගැනීමට රංගන හේරත් එහිදී සමත් වී තිබෙනවා.
ඔහු ටෙස්ට් තරඟවල 4 වන ඉනිමේදී අවම සාමාන්‍යයකට එනම් ලකුණු 18.38ක සාමාන්‍යයකට එම කඩුලු 100ය ලබා ඇති අතර කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් බිද හෙළුෑ අවස්ථා සංඛ්‍යාව 11 ක්.

 

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*