When you install WPML and add languages, you will find the flags here to change site language.

වීව්ස් ඇවිල්ලත් තාම Trending නෑ ! – සල්ලි හින්දද අපි මේ පහත් තැනකට වැටෙන්නේ ? – පේශලගෙන් ඉරාජ්ට දැනෙන්න කතාවක් – වීඩියෝ

ඊයේ (25) ඉරාජ් විසින් අන්තර්ජාලයට එක්කළ නවතම ගීතය පිළිබඳව බොහෝ දෙනෙකු දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබුණේ එම ගීතය ප්‍රවීන ගායකයෙකු වූ වික්ටර් රත්නායක මහතාගේ ජීවන කතාවට බොහෝ සෙයින් සමාන වූ නිසාවෙන්.

කෙසේ නමුත් එයට එල්ල වූ දැඩි දෝෂාරෝපණ අතර ඉරාජ් සමඟින් මීට පෙර ගීත කිහිපයකටම දායක වූ සංගීත ශිල්පී පේශල ද සිටිනවා.

ඔහු වීඩියෝවක් මඟින් පවසා ඇත්තේ මෙවන් දෙයක් ඉරාජ් කරන බව මීට පෙර තමන් දැනගෙන සිටියානම් එය කිසිසේත්ම කරන්නට ඉඩ නොදෙන බවයි. මේ අතර Youtube ඔස්සේ Trending අංක 1ට ගෙන එන්නට වෑයම් කරන ඉරාජ්ගේ මෙවර ගීතයද තවමත් එහි ස්ථානයකට නොපැමිණ තිබෙනවා.

ඇතැමුන් පවසන්නේ එහි අන්තර්ගත ඇතැම් දර්ශන Youtube නීතිමාලාවට පටහැනි නිසාවෙන් මෙවරද එය බොහෝ දුරට Trending හි ඉදිරියට නොපැමිණෙනු ඇති බවයි.

මේ ඉරාජ්ගේ වීඩියෝව සම්බන්ධයෙන් පේශල දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝවයි….

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*