When you install WPML and add languages, you will find the flags here to change site language.

බෙල්ලේ කොන්දේ වේදනාව මෙන්න නියම සහනයක්

අවාසනාවකට මෙන්ම ලොවපුරා සිටින බොහෝ පුද්ගලයන් අද වනවිට බෙල්ලේ සහ කොන්දේ වේදනාවෙන් පීඩා විදිනවා. මේ බෙල්ලේ සහ කොන්දේ තද ගතිය හෝ වේදනාවෙන් පීඩා විදින පුද්ගලයින් දිනෙන් දින දුර්වල වනවා.

මෙවන් ආකාරයේ වේදනාවක් යම් කිසි අභාදයක් නිසා, කශේරුකාවේ වහැරීම, හර්නියා, වයස්ගත වීම, වැරදි ඉරියවු අනුගමනය කිරීම, අධික බරක් එසවීම, කොන්ද නැවීම, ව්‍යායාම සිදුකිරීම, රාත්‍රීයේ දී නින්ද නොයාම සහ ඇඳට වී පොත් කියවීම වැනි හේතු නිසා ඇතිවන්නට පුළුවන්.

කොන්දේ ඇති වන වේදනා වලින් 85%ක ප්‍රතිශතයක මේ වේදනාව ඇති වීමට බලපාන හේතුව සොයා ගැනීමට නොහැකි වනවා.

සාමාන්‍යයෙන් ඇතිවන කොන්දේ වේදනාවක් නම් මාසයක කාලයක් පමණ හටගෙන කිසිම ප්‍රතිකාර ක්‍රමයක් සිදු නොකලත් ඉබේටම සුවවනවා.

නමුත් මේ කොන්දේ වේදනාව නිදන්ගත තත්වයට පත්වී ඇත්නම් මේ සඳහා සරිලන ප්‍රතිකාර ක්‍රමයක් කෙරෙහි යොමු වීම් ඉතාමත් වැදගත් වනවා.

අපි දැන් බලමු කොන්දේ වේදනාව සුවකර ගන්න අපිටම සිදුකරගත හැකි දෑ කිහිපයක් පිළිබදව :

· කොන්දේ වේදනාව සුවකර ගැනීමට ව්‍යායාම වල නිරත වන්න. ඒ වගේම වැඩි වේලාවක් එකම ස්ථානයේ වාඩි නොවී සිටීමටත් වගබලා ගන්න. ඔබ වැඩි වේලාවක් එකම ස්ථානයේ වාඩිවී යම් ක්‍රියාවක් සිදු කරනවා නම් අතරින් පතරේ එම ස්ථානයෙන් නැගිට මදක් ඇවිදින්න.

· ඔබ නිදාගන්න මෙට්ටයේ ඇති රැළි ගොඩැලි නිසාත් කොන්දේ වේදනාව ඇතිවන්නට පුළුවන්. ඔබ භාවිතා කරන මෙට්ටයත් අවුරුදු පහකට වඩා පැරණි නම් එය මාරු කරන්න.

· ඔබට කොන්දේ වේදනාවක් ඇත්නම් ඔබ මුනින් අතට නිදා ගැනීමෙන් වැලකි සිටින්න. ඒ, මේ නිදා ගැනීමේ ඉරියව්ව මගින් කොන්දේ වේදනාව උග්‍ර කරන නිසයි.

· ඔබ නිතරම වාගේ ඇවිදීම දිවීම සිදුකරන්න. ඒ වගේම කඳු නැගීමටත් උත්සහා කරන්න.

· ඔබට කිසි විටෙකවත් ඔබට උසුලාගත නොහැකි බරක් ඔසවාගෙන යෑමට උත්සහා කරන්න එපා. එමගින් ඔබේ කොන්දේ අස්ථි වලට දැඩි හානි පැමිණිය හැකියි.

· ඔබට කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන්ව ඔසවා ගැනීමේ දී ඔබගේ කොන්දට වැඩි පීඩනයක් එල්ල නොවන ආකාරයට ඔවුන්ව ප්‍රවේශමෙන් ඔසවා ගන්න.

· ඔබ යම් කිසි ක්‍රියාවක් සිදු කරන්න බිමට නැමෙනවා නම් ඔබ කොන්ද ඉදිරියට නොනමා දණහිස් පමණක් නමා බිමට පහත් වන්න.

ඉහත දැක් වූ ආකාරයේ විවිධ ක්‍රියාවන් නිසා ඔබගේ උරහිස් වලත් විවිධ හානි ඇතිවී වේදනා ඇතිවනන්ට පුළුවන්.

උරහිස් වල වේදනාව මේ හේතු නිසා ඇතිවනවා :

· උරහිස් වල තද ගතිය

· අත්වල අස්ථි බිඳීම

· අස්ථියක් පැනීම

· සන්ධි සවිමත් නොවීම

· දිගැදීම

ඒ වගේම බෙල්ලේ ඇතිවන වේදනාවත් සුළු වේදනාවක් ආකාරයටත්, මාස හතරක කාලයක් පමණ පවතින තියුණු වේදනාවක් ආකාරයටත් නැත්නම් ඊට වඩා කල් පවතින නිදන්ගත තත්වයටත් පත්වනට පුළුවන්.

බෙල්ලේ වේදනාව මේ හේතු නිසා ඇතිවනවා :

· බෙල්ලේ ව්‍යුහයට හානි සිදුවීම (බලනහර, අස්ථි බන්ධය, මස්පිඩු)

· වාඩිවී කරන විවිධ ක්‍රියා කාරකම්

· ව්‍යායාම වල නිරත නොවීම

· මස්පිඩු පෙරලීම

· වාඩිවීමේ සහ ඇවිදීමේ වැරදි ඉරියව්

· මානසික ආතතිය

· නිදාගැනීමේ වැරදි ඉරියව්

· දිගැදීම

මේ කෙටි ක්‍රම කිහිපය ඔබේ බෙල්ලේ වේදනාව සුවකර ගැනීමට උපකාර වේවි :

· ඔබේ මානසික ආතතිය දුරු කරගන්න. මානසික ආතතිය නිසා විවිධ සෞඛ්‍යය ගැටළු වලට ඔබට මුහුණදීමට සිදු වනවා. මානසික ආතතියෙන් ඉවත් වීමට භාවනා ක්‍රම හෝ යෝගා අභ්‍යාස වැනි මනස සැහැල්ලු කරන ඕනෑම ක්‍රියාකාරකමක නිරත වන්න.

· බෙල්ලේ මස්පිඩු සැහැල්ලු කරගැනීමට සම්භාහනය කරන්න.

· සෑම පැය කිහිපයකටම වරක්ම ශීත ජලයෙන් සහ උණු ජලයෙන් වේදනාව ඇති ස්ථාන සම්භාහනය කාරන්න.

· දිනපතා ව්‍යායාම සිදුකර බෙල්ලේ මස්පිඩු ලිහිල් වීම සඳහා බෙල්ල චලනය කරන්න.

· ඔබේ නිදාගැනීමේ ඉරියව්ව වෙනස් කරන්න. ඒ වගේම ඔබේ බෙල්ලට සහ කොන්ද ප්‍රදේශයට සුව පහසු කොට්ටයකට ද මාරු වන්න.

· ඔබ දුම්රියක හෝ බස් රථයක දිගු දුරක් සංචාරය කරන අවස්ථාවක සංචාරක කොට්ටයක් “ travel pillow ” භාවිතා කරන්න.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*