When you install WPML and add languages, you will find the flags here to change site language.

දෝනිට ආයෙත් නින්ද ගිහින් (PHOTOS)

මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වුණත් හර්ඩික් පාණ්ඩ්‍යාගේ සහ මහේන්ද්‍රසිං දෝනිගේ සුපිරි පිතිකරණය නිසා ඕස්ට්‍රේලියාව එක්ක තිබුණු පළවෙනි එක්දින තරඟය ජයගත්තේ ඉන්දියානු කණ්ඩායමයි.

ඊයේ තරඟයෙන් පස්සේ කෝලි පාන්ඩ්‍යාගේ දස්කම් ගැනත් මහ ඉහළින් කතා කරලා තිබුණා.ඉතින් ඊයේ තරඟය ඉවරවෙලා දෙවන තරඟය පැවැත්වෙන කල්කටාවට යන්න ඉන්දියානු කණ්ඩායම අද උදෙන්ම චෙන්නායි ගුවන් තොටුපළට ආවා…

ඒත් ගුවන් ගමන් වල පුංචි ප්‍රමාද දොෂයක් නිසා ඉන්දියානු කණ්ඩායමට ටිකක් වෙලා ගුවන් තොටුපලේ රැඳී ඉන්න සිද්ධ වුණා.

කෝලි,පාණඩ්‍යා,බුම්රා ඇතුලු තවත් ක්‍රීඩකයන් පිරිසක් බිමත් ඉඳගෙන ගුවන් යානය එනකං බලන් ඉද්දි, දෝනි බිමට වෙලා පුංචි නින්දක් දාගෙන ඉන්න හැටි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.පහුගිය දවසක ලංකාව එක්ක පල්ලෙකැලේ තිබුණ (ඔව් ඔව් බෝතල් ගහපු මැච් එක තමයි) තරඟයේදීත් දෝනි පිටිය මැදට වෙලා නිදාගත්ත හැටි කා අතරත් කතාබහට ලක්වුණා.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*