When you install WPML and add languages, you will find the flags here to change site language.

ගෙල වැලලා ගැනීමේ රැල්ල ඇරඹේ! දෙවනි මරණය

සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි.
මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි.
තරුණයා දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ,ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇත.
පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා සරමක් රැගෙන ගොස් අසල්වැසි ඉඩමක ඉදිකරමින් පවතික නිවසක දෙවැනි මහලේ කම්බියක ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කෙරිණ.
ජනප්‍රිය නලූ දසුන් නිශාන්ගේ මරණයේ අවසන් කටයුතු සිදුවීමටත් පෙර මෙම තරුණයාගේ ගෙල වැලලා ගැනීමත් වාර්තා වී ඇති අතර සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රැල්ලට එකම ක්‍රමයට වරින් වර දිවි නසා ගැනීම් වාර්තා වී තිබේ. මෙවරද බොහෝ විට මෙය තවත් ජීවිත රැසක් අහිමි වීමේ ආරම්භය විය හැකි බැවින් සිය ලැබැදියන් ගැන අවධානයෙන් සිටින මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*