When you install WPML and add languages, you will find the flags here to change site language.

“ධනුෂ්ක ගුණතිලකට තරග හයක් තහනම් , ධණුෂ්ක සමග එකම වරද කළ අනෙක් ක්‍රීඩකයා නිදහස්” ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට හැදි දෙකකින් බෙදයි ?

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව (Disciplinary Committee) විසින් සිදුකළ විනය පරීක්ෂණයෙන් ජාත්‍යන්තර තරග 06ක තහනමක් පැනවුවද ඔහු හා එක්ව එම වරදම කර ඇති තවත් ආරම්භක පිතිකරුවෙක්ට මෙතෙක් විනය පරීක්ෂණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුව නොමැති බවට මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුවත්පත් වාර්තා වලට අනුව ධනුෂ්ක ගුණතිලක සිදුකළ විනය විරෝධී ක්‍රියා කිහිපයකට මෙම දඬුවම ලබාදුන්නද ඉන් එක් වරදක් ධනුෂ්ක සමග අනෙකුත් ආරම්භක පිතිකරුවා සිදුකර ඇති අතර, අදිසි හස්තයක් ඔහුට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් මෙතෙක් එම ක්‍රීඩකයාට එරෙහිව නිසි පියවරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ විනය කමිටුව අපොහොසත්ව තිබෙන බව සදහන්.

පිටිය තුළදී හා පිටියෙන් එපිටදී වැරදි කරන හා වැරදි පූර්වාදර්ශ සපයන ක්‍රීඩකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපත්තිය අගය කළ යුතු වුවද එම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ට එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය.

එසේ නොමැතිව එක් ක්‍රීඩකයෙකුට එක් ආකාරයටත් තවත් ක්‍රීඩකයෙකුට තවත් ආකාරයටත් සැලකීම අනුමත කළ නොහැකිය. මෙවැනි ක්‍රියා කණ්ඩායමේ එකමුතුකමටද හානි විය හැකි නිසා වැරදි කළ සියලුම ක්‍රීඩකයන්ට එක ලෙස දඩුවම් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම බවද අදාල පුවත්පත් වාර්තා වැඩි දුරටත් සදහන් කර තිබුනා.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*