When you install WPML and add languages, you will find the flags here to change site language.

‘මම ඇතුලේ ඉඳන් ආවේ තොපි මං ගැන දන්නෑ යකෝ ‘‘ – ලීසිං නොගෙවපු වාහනයක් නිසා සීසර්වරු දෙදෙනෙක් අනුරපුරදී යකා නටයි

ලීසිං වාරික කිහිපයක් නොගෙවීම නිසා වෑන් රථයක් අත්පත් කර ගැනීමට පැමිණි සීසර්වරයෙකුට අතින් පයින් පහරදී ඔවුන්ගේ මොටර් රථයට අලාභහානි සිදුකළ තවත් සීසර්වරයෙකු බව කියන පුද්ගලයෙකු අත් අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 29දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ලීසිං වාරික නොගෙවන වෑන් රථයක් අත්පත් කර ගැනීමට දිවයිනේ ප්‍රසිද්ධ සමාගමකින් ලබාදුන් නියෝගයකට අනුව මෙම සීසර්වරයා වෑන් රථය අත්පත් කර ගැනීමට සඳහා අනුරාධපුර නගරයට පැමිණ ඇති බවත්,එම රථය අනුරාධපුර ජයසිරිපුර ප්‍රෙද්ශයේ නිවසක සඟවා තිබෙන බව දැනගෙන ඔහු එහි ගිය අවස්ථාවේ සැකකරු ඇතුළුව තවත් සිව් දෙනෙකුට ඔහු පහරදී මෝටර් රථයේ විදුරු බිඳ රුපියල් 15 000 පමණ අනර්ථයක් සිදුකර තිබෙන බවත් පොලීසිය අධිකරණයට කියා සිටියේය.

පහරදුන් අය කියන සැකකාර සීසර්වරයා එම අවස්ථාවේ නිවසේ සිට නැති අතර වෑන් රථය නවතා තිබූ නිවසේ සිටි පිරිස් ඔහුට එහි එන ලෙස දුරකථනයෙන් දැන්වූ අවස්ථාවේ ඔහු එහි පැමිණ වෑන් රථය රැගෙන යාමට නොහැකි ලෙස යතුරුපැදිය අතරමග නවතා මග අහුරා ඉන් බැස මම ඇතුලේ ඉඳන් ආවේ යකෝ තොපි මං ගැන දන්නෑ යනුවෙන් පවසා පැමිණිලිකරුට පහරදී මොටර් රථයට අන්ර්ථයක් සිදුකර තිබෙන බව පොලීසිය අධිකරණයට දැන්වූවේය

සීසර්වරයාට පහරදීම ට එහි සිටි සිවුදෙනෙකු සහභාගි වී ඇති බවත්,එම සැකකරුවන් පොලීසිය මගහරිමින් සිටින බවත් පෞද්ගලික සමාගමේ සීසර්වරයා වෑන් රථයේ වාරික මුදල් නොගෙවීම නිසා අත්පත් කර ගැනීම සිදුකරන බවත්,අනුරපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*